ප්රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය මෑතකදී කළ ප්රකාශයක් මගේ හිතට තදින්ම වැදුණා. රවින්ද්ර රන්දෙනිය මහතාගේ කැපවීම සහ දක්ෂතාවය අගය කරන ඇය, තවත් විශේෂ දෙයක් මතක් කරනවාඇය පවසන්නේ තමන්ගේ රංගන ජීවිතය ගැන රවින්ද්ර රන්දෙනිය මහතා කළ අගය කිරීම, තමන්ට ලැබුණු "හොඳම අගය කිරීම" බවයි.
ප්රවීණයන් එකිනෙකාගේ දක්ෂතාවයට එලෙස ගරු කරද්දී, ඇය අවසානයේ කරන්නේ අපූරු ප්රාර්ථනාවක්. ඒ තමයි බිමල්, හේමාල් ඇතුළු අලුත් පරපුරේ හැමෝටම රවින්ද්ර රන්දෙනිය වැනි අතිදක්ෂ නළුවෙකු වන්නට වාසනාව ලැබෙන්න කියන එක.
බලන්න, අපේ ප්රවීණයන් හැමදාමත් උත්සාහ කරන්නේ කලාව දවසින් දවස දියුණු වෙනවා බලන්න මිසක්, අලුත් අයව වට්ටන්න නෙවෙයි.
නමුත් අද Facebook එකේ සමහර රසිකයන් හැසිරෙන විදිහ කණගාටුදායකයි. ජ්යෙෂ්ඨයන්ට ගරු කරනවා වෙනුවට, ඔවුන් කරන්නේ "එදා හිටපු අය වගේ කවුරුත් නෑ" කියමින් නව පරපුරේ දක්ෂයන්ව පාගා දැමීමයි.
අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා:
අලුත් පරපුරට ගල් ගහනවා වෙනුවට, ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දී දිරිමත් කිරීමයි නියම ප්රේක්ෂකයෙකුගේ වගකීම. කලාව පවතින්නේ පරම්පරා දෙකේම එකතුවෙන්. ප්රවීණයන් පවා අලුත් අයට ආදරය කරන තැනක, රසිකයන් විදිහට අපි ඇයි ඔවුන්ව විවේචනය කරලා මානසිකව වට්ටන්නේ?
කලාවට ආදරය කරනවා නම්, දක්ෂතාවයට ගරු කරන්න ඉගෙන ගනිමු!











