මවකගේ ආදරය කියන්නේ මුළු ලෝකයක් හිමි වුණත් වෙනස් කරන්න බැරි අසමසම හැඟීමක්. පසුගියදා මංජුල පුෂ්පකුමාරයන් වේදිකාවක් මත මව්ගුණ ගීතයක් ගායනා කරන අතරතුර සිදුවූ ඒ සංවේදී සිදුවීම දකින ඕනෑම කෙනෙකුගේ දෑසට කඳුළක් එක් කරන එක අහම්බයක් නෙවෙයි.
ගීතය මැදදී වේදිකාවට පැමිණි ඒ තරුණයා, ගායකයා සමඟ එක්වී මට වැඩියෙන් දවසක් අම්මා.. ජීවත් වේවා මගෙ අම්මා.."** යන පද පේළිය ගැයුවේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරයකින් සහ වේදනාවකින්. පසුව දැනගන්නට ලැබුණු පරිදි ඔහුගේ ආදරණීය මෑණියන් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිනවා.
මව් සෙනෙහසේ මහිමයත්, අම්මා කෙනෙකුට ඇති ආදරයත් නිසාම ඔහු දෙවියන්ගෙන් ඉල්ලන්නේ තමන්ගේ ආයුෂත් අරගෙන ඇය තව එක දවසක් හෝ ජීවත් වන ලෙසයි. අම්මා කියන්නේ ලෝකයක් බවත්, ඇය නැති ලෝකය හිස් තැනක් බවත් මේ කොල්ලා මුළු ලෝකයටම පෙන්වා දුන්නා.
මල්ලි.. ඔයාගේ අම්මට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා! මව් ගුණයේ බලයෙන් ඇය සුවපත් වේවා!
මව් සෙනෙහසට ගරු කරන, අම්මාව දේවත්වයෙන් සලකන මෙවැනි දරුවන් ලොවටම ආදර්ශයක්. මේ සටහන කියවන ඔබත් ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් ආශිර්වාදයක් පහතින් සටහන් කරන්න.
උපුටා ගැනීම ටෙලි ලන්තය









