ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයට විශිෂ්ට දායකත්වයක් ලබා දෙමින් කලා ක්ෂේත්රය තුළ රැඳුණ - රැඳෙන ශිල්පීන් අතරේ 'RR' ලෙසින් හැඳින්විය හැකි රංගන ශිල්පීන් අතළොස්සක් අපේ සිනමාවෙන් හමුවේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔවුන් අතරින් ජනකාන්ත තරු පහකි.
ශ්‍රී ලාංකේය සිනමාවේ අපට හමුවන ජනකාන්ත පළමු RR ලෙස සැලකිය හැක්කේ මුල්කාලීන සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සේම ප්‍රකට ගායකයෙකු ද වූ රවින්ද්‍ර රූපසේන’යන් ය.
RR'ලා අතුරින් ද තිදෙනෙක් ම රවීන්ද්‍ර' යන නම් සහිත රංගනවේදීන් වීම ද සුවිශේෂ ය. එනම් රවින්ද්‍ර රූපසේන මෙන්ම, අද වන විට අප සතු අග්‍රගන්‍ය ජ්‍යෙෂ්ඨ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ නළුවෙක් - අධ්යක්ෂවරයෙක් ලෙස ද අප පුදුමයට පත් කරමින් දස්කම් දක්වන රොෂාන් රවීන්ද්‍ර යන තිදෙනා ය.
රන්ජන් රාමනායක සහ රොෂාන් රණවන මෙවැනි ම තවත් ජනකාන්ත RR' නමින් බැබළෙන තරු දෙකකි. මෑතකදී අපෙන් වෙන්වූ රජිත රුද්රිගූ ද මේ කුලකයටම අයත් සේම තවත් ඔබේ මතකයේ ඇති එවැනි ශිල්පීන් අප සමග බෙදාගන්නට ද ඇරයුම් කරනු කැමැත්තෙමු.
අද දවසේ මෙලෙස ශ්‍රී ලාංකේය සිනමාවේ RR' ලා ගැන කෙටියෙන් හෝ මතක් කරන්නට හේතු වූයේ රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය වන 'O.I.C ගඩාෆි' චිත්‍රපටය දැන් තිරගත වන නිසාවෙනි.
O.I.C ගඩාෆි බලන ප්‍රේක්ෂකයින් නම් මොහොතකට RR' නම පසෙක තබා O.I.C ගඩාෆි ලෙස මේ දිනවල රන්ජන් රාමනායකව හඳුන්වනවාට කිසිඳු සැකයක් නැහැ. O.I.C ගඩාෆි රන්ජන් රාමනායකගේ 5 වන සිනමා අධ්‍යක්ෂණයයි.
උපුටා ගැනීම Ape Cinamawa - අපේ සිනමාව









