ජනප්රිය ගායන ශිල්පිනී ආක්ෂා චමුදි ඊයේ (26) දින මුහුණ දුන් හදිසි රිය අනතුරක් හේතුවෙන්, ඇය ඉදිරි දිනවල සහභාගී වීමට නියමිතව තිබූ ප්රසංග රැසකට සහභාගී වීමට නොහැකි බව නිල වශයෙන් දැනුම් දී තිබේ. මේ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් පරිපාලකවරුන් සඳහන් කර ඇත්තේ, ඇති වූ මෙම හදිසි තත්ත්වය මත කලින් එකඟ වූ ප්රසංග සඳහා ඇයට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව ප්රකාශ කරන බවයි.
කෙසේ වෙතත්, ඇයට සැබවින්ම මොකද වුණේ සහ ඇගේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරක් දැනගැනීමට ඇගේ රසිකයන් මහත් නොඉවසිල්ලෙන් බලා සිටියි.
අපේ ආදරණීය තරුව ඉක්මනින්ම සජීවී වීඩියෝවක් (Live) හරහා හෝ පැමිණ ඇයට සිදු වූ දේ පිළිබඳව රසිකයන්ව දැනුවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
උපුටා ගැනීම ටෙලි ලන්තය









