සිරස ටීවී නාලිකාවෙන් "කොටු" ලෙසින් ආලින්දයට පැමිණි අසංක සායක්කාරගේ ටෙලි නාට්‍ය, සිනමා නිර්මාණයක් ලෙසින් එළිදැක්වීමට සූදානම් වනවා. එහි මුහුරත් උළෙල පසුගියදා (30) රත්මලාන Stein Studios හිදී පැවැත්වුණා
ටෙලිනාට්‍යක්, වේදිකානාට්‍යක් සහ පොතක් ලෙස ජනගත කිරීමට සුදානම් වී සිටි "කොටු" මෙලෙස සිනමා නිර්මාණයක් ලෙස එළිදැක්වීමට හැකිවීම ගැන මෙම නිර්මාණයේ අධ්යක්ෂ අසංක සායක්කාර ස්තූතිය පුදකර සිටියා. එමෙන්ම "ධර්ම යුද්ධය 2" නිෂ්පාදනයෙන් පසු මහරාජා මාධ්‍ය ජාලයේ මීළඟ නිෂ්පාදනය "කොටු" වන අතර, චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමටත් පෙර රටවල් 3කින් ප්‍රදර්ශනය සදහා ඉල්ලීම් ලැබී ඇති බවයි එම්.ටී.වී ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි පැවසුවේ.
"කොටු" මුහුරත් උළෙලට මහරාජා මාධ්‍ය ජාලයේ නිලධාරීන් මෙන්ම "කොටු" අධක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමත්, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සියළු දෙනාමත් එක්ව සිටියා. උත්කර්ෂවත්ව පැවති මෙම අවස්ථාවට අපේ සිනමාව කණ්ඩායමටත් ආරධනා කර තිබූ අතර, එම ආරධනාවට ස්තූතියි. කොටු සිනමා නිර්මාණයට අපේ සිනමාවෙන් සුබ පැතුම් !!!









