රන්ජන් රාමනායකගේ ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔහු එක දිගටම ජනප්‍රිය නළුවා සම්මානය ගත්ත කෙනෙක්. එක අවස්ථාවක මම "සක්මන් මළුව" චිත්‍රපටයට දක්ෂතම නළුවා සම්මානය ලබාගන්නකොට ඔහු ජනප්‍රියම නළුවා වුනා.
මම එදා ඔහුට කිව්වා කවදාහරි දක්ෂතම නළුවා සම්මානය ගන්න ඕන කියලා. ඊට පස්සේ ඔහු "නිලම්බරේ" චිත්‍රපටයට දක්ෂතම නළුවා සම්මානය දිනාගත්තා. ඒ චිත්‍රපටයේ මාත් එක්ක රන්ජන් රඟපෑවා.
රන්ජන් කියන්නේ "යකඩ පිහාටු" වගේ චිත්‍රපටවල රඟපාපු කෙනෙක්. තිස්ස අබේසේකරගේ හොඳ ටෙලිනාට්‍යයක් කරපු කෙනෙක්. ඒ ඉගෙනගත්ත දේවල් මනසට අරගෙන, මුදාහරින්න ඔහුට හැකියාව තියෙනවා. රන්ජන් රාමනායක කියන මේ පෞර්ෂයට නැවත වතාවක් දක්ෂතම නළුවා සම්මානය ලබාගන්න හැකිවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
.
ප්‍රවීණ රංගන ශිල්පී - සනත් ගුණතිලක









