හෙළ සිනමාවේ නිළි රැජිණ. එහෙමත් නැත්නම් රැජිණක් විදියට ගත්තහම, විශේෂයෙන්ම මගේ ජීවිතෙත් රැජිණක් විදියට ගත්තහම, මාලනී ෆොන්සේකා එහෙමත් නැත්නම් මගේ ආදරණිය ලොකු නැන්දා ගැන තමයි මතක් වෙන්නේ. සමහර චරිත ඉන්නවා මේ ලෝකේ එහෙම ලේසියෙන් ආවට ගියාට නිර්මාණය කරන්න බැහැ.
විශේෂයෙන්ම සිනමාවට ගෙන එනකොට එහෙම ආවට ගියාට කරන්න බැරි චරිත. මම හිතනවා, ඇයගේ දියණියක් නිසා නෙවෙයි, ඇයට ආදරේ කරන රසිකාවියක් විදියටත් මම හිතනවා මාලනී ෆොන්සේකා කියන්නෙම එහෙම දැවැන්ත චරිතයක්. ඉතින් ඇත්තටම මේ චරිතය ගැන චිත්රපටයක් නිර්මාණය වෙනවා කියලා දැන ගත්තහම බයක් ආවා. මොකද මොන වගේ නිර්මාණයක් කෙරෙයි ද? ඇයට සාධාරණයක් ඉෂ්ට වෙයිද? ඇයගේ චරිතය ආරක්ෂා වෙයිද? ඇයගේ ප්රතිරූපය ආරක්ෂා වෙයිද? කියන බය අපේ පවුලේ හැමෝටම සහ ඇයට ආදරේ කරන අය හැටියට අනිවාර්යෙන්ම එන දෙයක්.
හැබැයි ඊට පස්සේ චිත්රපටය ගැන දැන ගත්තට පස්සේ, ඒ කතාව කොයි වගේ ද කියලා දැන ගත්තට පස්සේ මට හිතුනා මේ කණ්ඩායම, විශේෂයෙන්ම මේ රැජිණියේ කරන කණ්ඩායම ගත්තහම, විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්මයා ඇතුළු සිනේස්ටාර් පදනම සහ මෙයට එකතුවෙලා ඉන්න කාර්යමණ්ඩලය ගත්තහම ඇයට හානියක් කරන කණ්ඩායමක් නෙවෙයි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහත්මයා ඇතුළු සිනේස්ටාර් පදනම ගත්තහම නැන්දාගේ ජිවිතේ ගොඩක් ළඟින් සහ ගොඩක් ආදරේ කරපු තැනක් තමයි සිනේස්ටාර් පදනම කියන්නේ.
සිනේස්ටාර් පදනම මඟින් කරපු ගොඩක් දේවල්වලට නැන්දා උවමනාවෙන් සහ කැපවීමෙන් එකතු වුණා. ඒ වගේම ඇය රෝගාතුර වෙලා ඉන්නකොට. ඇයගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. ඉතින් මම හිතනවා මේ සඳහා ප්රධාන චරිතවලින් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාම ඔවුන්ගේ තියෙන ප්රවීණත්වය සහ ඔවුන්ගේ තියෙන දක්ෂතා එක්ක ඔවුන්ට ලැබිලා තියෙන චරිතවලට තවත් ආලෝකයක් එක් කරමින් සුන්දර නිර්මාණයක් බිහිකරයි කියලා "රැජිණියේ" හරහා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අරුණ ජයවර්ධන අධ්යක්ෂවරයා සහ සුනෙත් මාලිංග ලොකුහේවා තිර පිටපත් රචකයා ගැන. ඒ දෙදෙනාත් අද ඉන්න දක්ෂයින් දෙදෙනෙක්. ඒ එක්කම මේ සඳහා එකතු වෙලා ඉන්නවා වෙන වෙන ක්ෂේත්රවල දක්ෂයින් ගොඩක්. ඉතින් මේ දක්ෂයෝ සියලුදෙනාම එකතුවෙලා නැන්දා ගැන ලස්සන නිර්මාණයක් කරයි කියන බලාපොරොත්තුව එක්ක ඔවුන්ට සුබ පතනවා...
සෙනාලි ෆොන්සේකා









