සූරියා - ත්‍රිෂා යළි එකට! “Karuppu” Trailer Release එකෙන් සෝෂල් මීඩියා ගිනිගනී
දකුණු ඉන්දීය සුපිරි නළු Suriya සහ ජනප්‍රිය නිළි Trisha Krishnan එක්ව රංගනයෙන් දායක වන බොහෝ දෙනා බලාසිටි චිත්‍රපටයක් වන Karuppu හි ට්‍රේලරය අද (10) නිකුත් කර තිබෙනවා. ඒ සමඟම චිත්‍රපටයේ advance bookings ද ආරම්භ කරන බවයි වාර්තා වෙන්නේ.
මෙම නිවේදනය සිදුකර ඇත්තේ චිත්‍රපටයේ අධ්යක්ෂ RJ Balaji විසින් ඔහුගේ X ගිණුම හරහායි. “දේශපාලන උණුසුම මැදත් #Karuppu ගැන ඇති hype එක අඩුවෙන්න නොදී තියාගත්ත හැම fan කෙනෙකුටම ස්තූතියි. දැන් happy ending එකක් එක්ක trailer එකට සූදානම් වෙමු,” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.
ඒ සමඟම නිකුත් කළ නව පෝස්ටරයත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එහි Suriya දැඩි හා අඳුරු පෙනුමකින් පෙනී සිටීම විශේෂත්වයක්.
මේ අතර චිත්‍රපටයේ Trisha Krishnan රඟපාන චරිතයද නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා. “Preethi” නම් නීතිඥවරියකගේ චරිතයට ඇය පණ පොවන අතර, එම හඳුන්වාදීමේ වීඩියෝව නිකුත් වීමත් සමඟ සමාජ මාධ්‍ය ගිනිගෙන තිබුණා. “Aaru combo is back” ලෙස රසිකයන් අදහස් දක්වමින් Suriya - Trisha Krishnan යුවළ නැවතත් එකට දැකීම ගැන උද්යෝගය පළ කර තිබෙනවා.
Karuppu චිත්‍රපටය ගැන දැඩි උනන්දුවක් ඇතිවුණේ පසුගිය වසරේ Suriyaගේ උපන්දිනය වෙනුවෙන් teaser එක නිකුත් කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔහු ද්විත්ව චරිතයකින් පෙනී සිටි අතර, “Saravanan” නම් නීතිඥයෙකු සහ තවත් අඳුරු, ආක්‍රමණශීලී චරිතයක් අතර ඇති සම්බන්ධය ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත්තා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Dream Warrior Pictures ආයතනය විසිනි. සංගීතය නිර්මාණය කර ඇත්තේ Sai Abhyankkar විසිනි.
මේ වන විට වාර්තා වන්නේ Karuppu 2026 මැයි 14 වනදා ලොවපුරා තිරගත වීමට නියමිත බවයි.









