Vijay CM වෙද්දී Trisha Spotlight එකට! බිරිඳ සහ දරුවන්ගේ අතුරුදහන් වීමෙන් සෝෂල් මීඩියා ගිනිගනී
දකුණු ඉන්දීය සුපිරි නළු සහ නව තමිල්නාඩු මහ ඇමති Vijay දිවුරුම් දීමේ උත්සවය මේ වනවිට ඉන්දීය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඒ උත්සවයට ජනප්‍රිය නිළි Trisha Krishnan සහභාගී වීමත්, එම අවස්ථාවට Sangeetha Sornalingam සහ ඔවුන්ගේ දරුවන් නොපැමිණීමත් හේතුවෙන්. Trisha Krishnan සිය මව වන Uma Krishnan සමඟ උත්සව භූමියට පැමිණි අතර, ඇය Vijayගේ පවුලේ සාමාජිකයන්ට ආචාර කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වුණා.
කෙසේ වෙතත්, බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ Sangeetha Sornalingam, පුත් Jason Sanjay සහ දියණිය Divya Saasha උත්සවයට නොපැමිණීම සම්බන්ධයෙන්. සමාජ මාධ්‍ය පරිශීලකයන් ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරමින්, Trisha Krishnanගේ පැමිණීමත් සමඟ පැතිර යන ආදර කටකතා යළිත් උණුසුම් වී තිබෙනවා.
“New CM, New Queen?” ලෙසින් එක් පරිශීලකයෙකු ලියා තිබූ අතර, තවත් අයෙක් සඳහන් කර තිබුණේ “අද මධ්‍යයේ සිටිය යුතු පවුල නොමැති අතර, සියලු අවධානය දැන් Trisha වෙත හැරී තිබෙනවා” යනුවෙන්.
උත්සවය අවසන් වීමෙන් අනතුරුව Trisha Krishnan පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් සහ රසිකයන් විශාල පිරිසක් ඇය වටකර ගත් අයුරු දැක්වෙන වීඩියෝ ද මේ වනවිට වෛරල් වී තිබෙනවා. Vijayගේ ජයග්‍රහණය පිළිබඳව ඇගෙන් ප්‍රතිචාර විමසූ අවස්ථාවේදීත්, ඇය ඉතා සන්සුන්ව සහ ඉවසීමෙන් එම තත්ත්වය කළමනාකරණය කළාය.
Vijay සහ Trisha Krishnan එකට රංගනයෙන් දායක වූ Ghilli සහ Kuruvi වැනි චිත්‍රපට හරහා ඔවුන්ගේ screen chemistry දැඩි ජනප්‍රියත්වයක් ලබාගත් අතර, ඒ සමඟම ඔවුන් සම්බන්ධ ආදර කටකතා ද දිගින් දිගටම පළවෙමින් පවතිනවා. කෙසේ වෙතත්, මේ දක්වා දෙපාර්ශ්වයම පවසා ඇත්තේ තමන් “හොඳ මිතුරන්” පමණක් බවයි









