(පහත සටහන අම්බපාලිය ගැන නලින්ද ජයවර්ධනගෙනි)
අම්බපාලී ඉපදුනේ වෛශාලී නුවර රජමාලිගාවට අයිති අඹ උයනක..
එයා ඕපපාතික ව ඉපදුනා කියලයි කියන්නෙ බොහෝවිට අම්බපාලී කියන්නෙ කවුරුන් හෝ රජුගේ අඹ උයනේ අතහැර දමා ගිය දරුවෙක් වෙන්න පුළුවන් වගේම ඇගේ ජන්මය පිටුපස තියෙන කතාව රහස් ප්රේම සම්බන්ධයක් හෝ ගණිකාවකගේ ජීවිතෙ ඛේදනීය ඉරණමක් වෙන්නත් පුළුවන්..
කෝමහරි මේ අම්බපාලී වයසෙන් වැඩෙද්දි අසමාන රූපශ්රීයකින් යුක්ත වෙන්න ගත්තද කිව්වොත් එයාව මැරි කරන්න හෝ ලබා ගන්න වෛශාලියෙ විතරක් නෙවෙයි අසල්වැසි රාජ්යය වල රජවරු කුමාරවරු එකිනෙකා එක්ක යුධ වදින්න උනත් ලෑස්ති උනාලු..
වෛශාලියෙ දේශපාලන ස්ථාවර භාවයට පවා තර්ජනයක් උන මේ සන්නද්ධ ගැටුම් පාලනය කරගන්න බැරි තත්වෙකට ආවම වෛශාලියේ රාජ්ය තන්ත්රය උන ලිච්ඡවී රජවරුන් ගත්ත තීරණය වූයේ ඇයව නගර සෝභිනියක නැත්තම් රාජකීය අග්ර ගණිකාවක ලෙස ප්රකාශයට පත් කරපු එක..
වෙනත් විදිහට කිව්වොත් මේ අසීමිත රූමත් ස්ත්රියව ජාතික වස්තුවක් රාජ්ය දේපලක් වශයෙන් ප්රකාශයට පත් කරලා ඇයව ඊට සුදුසු අන්දමින් රජයේ වියදමෙන් මන්දිර උයන් සහ සේවකයෝ ලබාදීලා මාලිගාවක වාසය කරවන එක..
එයා එක රැයකට රන් කහවනු පන්සීයක් අය කළාලු.ඉතිං ඇය එක්ක යහන් ගත වෙන්න පුළුවන් උනේ රජවරු සිටුවරු වගේ සමාජයේ හයික්ලාස් අයට විතරයි.
ඇය ඉතාම ධනවත් වගේම විශාල සමාජ ප්රාග්ධනයක් සහිත බලවත් ස්ත්රියක් නැත්තම් courtesan කෙනෙක් බවට පත් වෙලා හිටියලු.
ඒ වගේම ඇයගෙන් විශාල බදු ආදායමක් වෛශාලි රජයට ලැබෙන්නත් ඇති..
රජවරු කුමාරවරු සහ සිටුවරු හා ප්රභූන් එයා ළඟට ආවේ ඉන්ටකොස් එක කරන්නම විතරක් නෙවෙයි..රාජ්ය පාලනය විශාල ව්යාපාර පාලනය කලාව දර්ශනය වැනි දේවල් පරිකල්පනය කරන ප්රභූ මනස් වලට අවශ්ය කරන මානසික සැහැල්ලුව සහ බුද්ධිමත් සාකච්ඡා (Intellectual Discourse) අපේක්ෂාවෙනුත් කියල අපිට හිතන්න පුළුවන්.
දවසක් බුදුන් වෛශාලියට වැඩියම අම්බපාලිත් යනව බණ අහන්න..ඇය එතනදී බණ අහලා ඉතාම සැදැහැවත් මහෝපාසිකාවක් බවට පත් වෙනව විතරක් නෙවෙයි බුදුන්ට දානය පිණිස තමංගේ මැදුරට ආරාධනා කරනවා.ඊට පස්සෙ රජවරුත් බුදුන්ට දානයට ආරාධනා කළත් බුදුන් මේ ගණිකාවගේ ආරාධනාව නිසා රජවරුන්ගේ ආරාධනා ප්රතික්ෂේප කරනවා.මේක රජවරුන් ට ලොකූ මදිකමක් උන නිසා ඇය ලබාගත් දානය තමන්ට දෙන ලෙස ඉල්ලලා රජවරු ඇයට ඒ වෙනුවෙන් විශාල මුදලක් දෙන්න උත්සාහ කළත් ඇයගේ උත්තරේ වෙන්නෙ මුළු නගර රාජ්යයම දුන්නත් මම මේ අවස්ථාව දෙන්නෙ නෑ කියන එක..
පස්සෙ කාලෙක එයා පැවිදි වෙලා රහත් බව අත්කරගන්නේ තමංගේම පුතාගෙන් බණ අහලා..ඒ පුතාගේ තාත්ත වෙන්නෙ අම්බපාලී ජීවත් උන වෛශාලියෙ අතිශය සතුරු රාජ්යයක් උන මගධයේ බිම්බිසාර රජු එක්ක යහන් ගත වීමෙන් කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.
දරුණු දේශපාලන පසමිතුරු රාජ්යයක් ඇතුලට ජීවිත අවධානමක් අරන් හොරෙන් රහසිගතව බිම්බිසාර රජතුමා ඇවිත් සතියක කාලයක් අම්බපාලි එක්ක කම්සැප වින්දා ඒකේ ප්රථිපලය තමයි..විමල කොණ්ඩඤ්ඤ රහත් තෙරනුවෝ..බිම්බිසාර මහරජතුමා එයාව පුත්ර භාවයෙන් බාර ගන්න ලෑස්තිව හිටියත් විමල කොණ්ඩඤ්ඤ ඒවෙනුවට තෝරගන්නෙ බුදු ශ්රාවකයෙක් වීම...ඒකට සැදැහැවත් මවගේ බලපෑමත් හේතුවක් වෙන්න ඇති.. ''











