'සිංදු හැදෙන හැටි' වැඩසටහන ඊයේ Mirror Arts යුටියුබ් නාළිකාව ඔස්සේ විකාශනය කරනු ලැබුවා.
ඒ ගී පද රචිකාවක් වන සුරම්‍යා මාපිටිය සමඟ කළ සාකච්ඡාවේ පළමු කොටසයි.
'සිංදු හැදෙන හැටි' වැඩටසහන 2020 අවසාන කාර්තුවේදී ප්‍රවීණ කැමරා අධ්යක්ෂකවරයෙකුවන චන්න දේශප්‍රියගේ අදහසක් මත පටිගත කරන ලද වැඩසටහනකි. සිංදු හැදෙන හැටි වැඩසටහන ගී පද රචකයින් සමඟ ඔවුන් කැමති ගීත 10ක් තෝරාගෙන කරන ලද වැඩසටහනකි. මෙම වැඩසටහන කොරෝනා සමයේ ඉතාම අසීරූ තත්වයන් යටතේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම වැඩසටහන පටිගත කරන ලද්දකි.
වසර 6ට පසුව මෙම වැඩසටහනේ සුරම්‍යා මාපිටිය සමඟ කළ පළමු කොටස ඊයේ දිනයේ Mirror Arts යුටියුබ් නාළිකාව ඔස්සේ පල කළේය.
'සිංදු හැදෙන හැටි' ගීත රචකයන් තෝරා ගත් ගීත 10 පිළිබ්ඳ රසවත් හරවත් සංවාදයත් සමඟම ඒ ගීතය ගායනා කරමින් යන අපූරු රසාස්වාද ජනක වැඩසටහනි. චන්න දේශප්‍රිය විසින් අධ්‍යක්ෂණය කළ 'සිංදු හැදෙන හැටි' මනෝහාරී හේවාවසම් ඉදිරිපත් කිරීමක්.
සුරම්‍යා මාපිටිය විසින් රචනා කළ, අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී ගායනා කරන 'හීන ගේන හැම රෑකම' ගීතය පිළිබඳව සිංදු හැදෙන හැටි පළමු කොටසින් දැන් ඔබට නැරඹීමට හැකිය.
අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
ඉදිරිපත් කිරීම - මනෝහාරී හේවාවසම්
ගායනය - ශානිකා සුමනසේකර සහ තිළිණ සුදේශ් වන්නිආරච්චි
ගිටාර් වාදනය - පබසර කන්නන්ගර
සංස්කරණය - අසංක වික්‍රමසිංහ සහ ගයාන් ඉන්දුම
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝක කරණය - චන්න දේශප්‍රිය සහ ඇඩම් ස්ට්රයිනර් මැක්ලම්
වේශ නිරූපණය - වරුණි අල්පොන්සො
කැමරා සහ තාක්ෂණික උපකරණ - මැජික් ලැන්ටන්
නිෂ්පාදනය - චන්න දේශප්‍රිය (මැජික් ලැන්ටන්)
මනෝහාරි හේවාවසම්
විශේෂ ස්තුතිය - නලින් මාපිටිය
සිඩ්නි වඩුගේ
සහයෝගය දුන් සියලුම දෙනා.









