lan englan tam

පුවත්

නැවතත් ප්‍රසංග වේදිකාවේ ඔබ හමුවනවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ලිට්ල් ස්ටාර් වේදිකාවේ එදා මෙදා තුර බිහිවූ ජනප්රියම තරුව ආක්ශා චමුදි යැයි කිව හැකිය. ඇය ප්රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් බවට පත්වී ඇති ආක්ෂා දෙස් විදෙස් ප්රසංග සඳහා නිරතුරුවම ඇරියුම් ලබන දක්ෂ ගායන ශිල්පිනියකි.
ආක්ෂා චමුදි අනතුරකට ලක්වෙලා යැයි ලැබුණු පණිවුඩයත් සමඟින් සමාජ මාධ්යවල ඇය ගැන තොරතුරු පළවීමත් සමඟින් කලබලයට පත්වූ ඇයට ආදරය කරන සුවහසක් ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටීම හේතුවෙන් අපි ඒ ගැන තොරතුරු සොයා බලන්නට සිතුවෙමු. ඇය දැන් සුවපත් වී නැවතත් වේදිකාවට සමීප වෙමින් සිටින්නීය. ඇයගේ අලුත්ම තොරතුරු සහ කලා ජීවිතය පිළිබඳව ඇය අප හා තොරතුරු බෙදාගත්තාය.
පසුගියදා ඔබ අනතුරකට පත්වූ පුවත නිසා ඔබේ ප්රේක්ෂකයන් දැඩි කනස්සල්ලට පත්වුණා. ඇත්තටම මොකක්ද ඒ සිදුවීම?
 
හරියටම පසුගිය 26 වැනිදා සංගීත ප්රසංගයකට සහභාගි වෙලා ගෙදර යද්දී අපි රිය අනතුරකට මුහුණ දුන්නා. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී අපූර්ව අයියා ඒ මොහොතේම අපිව ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළා. රෝහලේ වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය මම මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම අපූර්ව අයියටත් ගොඩක්ම ස්තුතියි.
​රෝහල්ගතව සිටි කාලය තුළ ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්රතිචාර කොහොමද?
 
​ඇත්තටම මම පුදුම වුණා. ගොඩක් අය කෝල් කළා. පණිවිඩ එවලා තිබුණා. සමාජ මාධ්යවල පෝස්ට් හදලා මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරලා තිබුණා. ගොඩක් අය ගෙදරටම ඇවිත් මාව බලලා ගියා. ඒ ආදරය මට ලොකු හයියක් වුණා. සමහර ඇමතුම් මට මඟහැරෙන්න ඇති. ඒ ගැන මම සමාව ඉල්ලනවා. මට වචනයකින් හරි උදව් කරපු, ආදරය කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
​සංගීතය ඔබේ ජීවිතයට මුලින්ම සමීප වුණු අතීතය මතක් කළොත්?
 
​මම හිතන්නේ මට උපතින්ම ගායන හැකියාව ලැබිල තිබුණා. මම පුංචි කාලේ ඉඳන්ම සින්දු කිව්වා. මගේ මේ හැකියාව හඳුනාගත් මගේ මවුපියන් තමයි මාව ‘Little Star’ තරගාවලියට යොමු කළේ. එතැනින් තමයි මගේ සංගීත ගමනට නිසි පදනමක් වැටුණේ.
 
​කලා ගමනකදී ගුරුවරයා කියන්නේ විශාල ශක්තියක්. ඒ ගුරු සෙවණ ගැන කතා කළොත්?
​අනිවාර්යයෙන්ම. මම මුලින්ම Little Star තරගයට සහභාගී වෙද්දී මට ගුරුහරුකම් ලබා දුන්නේ ප්රේමනාත් සර්. ඒ වගේම මේ දවස්වල මම සංගීත විශාරද විභාගය සඳහා සූදානම් වෙනවා. මට ඒ වෙනුවෙන් මඟපෙන්වන්නේ ආශා වීරසිංහ මිස්. මේ හැමෝම මගේ ගමනට ලොකු ශක්තියක්

kemadasa

shungara

Back to top
Go to bottom