මීට කලින් ඇස්වලින්ම විතරක් ඇට් කරන්න හම්බුණ චරිතයක් මම දැකලා නෑ. ඒක මම මුල්ම වතාවට දැක්කේ Riverstone චිත්‍රපටියෙන්. අත්දෙකට මාංචුදාලා, සීට් එකක වාඩිකරවලා ඉස්සරහින් වෙපන් එකක් තියාගෙන ඉන්න මිනිහෙකුත් වාඩිකලාට පස්සෙ ප්රකාශනය වෙනුවෙන් ඉතුරුවෙන්නේ ඇස් සහ තොල් විතරයි. ඒ අස්සේ ඌ කතාකරන්නෙත් ඉතාම අඩුවෙන් උණාම 90% ඇස්ම විතරයි....
ඉතිං මම හිතන්නේ Lalith Rathnayake කාස්ට් කරන්නේ "රන්දිකගේ ඇස්"... කව්ද කියලා හැඳුනුම්පතක් නැති, "ඌ මැරුවට කමක් නෑ" එහෙම නැත්තං "ඌ මරපු උංට හෙණ ගහන්න ඕනේ" කියන එකට අවශ්‍ය කරන කිසිම සාක්ෂියක් නැති, කව්ද කවුරුද කියලා අනන්‍යතාවෙන් දන්නැති එදාම අපිට හම්බුවෙන මිනිස්සු හතරදෙනෙක් ගමනක් යනවා ජිප් එකක. එකෙක් දන්නවා තමන් යන්නේ මැරෙන්න කියන එක. අනික් උන් දන්නවා තමන් යන්නේ මරන්න කියන එක. ෆිල්ම් එකේ ට්‍රේලර් එකවත් ඒක හංඟන්නේ නෑ. එතකොට...?
එතකොට අපිට තියෙන්නේ අන්න ඒ මරන්න යන ගමන ඒ හතරදෙනා එක්ක යන්න. අනික් අය වචන වලින් තමන්ගේ ප්‍රශ්න ගැන කියනකොට කතාකරනකොට, දුවනකොට, ඇවිදිනකොට, රංදික එකමතැනක ඉඳගෙන ඇස්වලින් අවශෝෂණය කරගෙන ඇස්වලින් පිටකරනවා. මරණය පිළිඹඳ බය ඉක්මවා ගිහිල්ලා, ඒ ගැන කුතුහලයත් නැතිවෙලා ඉන්න හිස්බවක අන්තිම මොහොත දක්වාම නොවෙනස්ව ඉන්න නන්දිත (Randika) උත්සාහ කරනවා. ඒ එකම එක තැනක පැනයාමේ පුංචි මොහොතක් එළඹෙනවා... ඒ මොහොතේ රංදිකගේ ඇස් ගිනිගන්නවා... එක තත්පරේකට ඌ ඇත්තටම කව්ද කියලා අපිට පේනවා... ඌ මරන්න ගෙනියන හේතුව තත්පරයකට අපිට දැනෙනවා... තව ක්ෂණයකින් ඌ ඒ අවස්තාව ගනියිද කියන ගැස්ම අපිට එනවා... ඒත් ඒ තත්පරය මිස්වෙනවා... ඌ ආපහු නොවෙනස් ඉරණම දිහා උපේක්ෂා සහගත වෙනවා...
දැන් මේ ඔක්කොම පෙන්නන්නේ "රංදිකගේ ඇස්"....
මහේන්ද්‍ර, ෂ්‍යාම්, සිරිකුමරුන් කරන්නේ "රංදිකගේ ඇස්" වලට රඟපාන්න හේතු හදන එක. ඒ කිසිම ශිල්පියෙක් කැපීපේන්න දඟලන්නේ නෑ. ඒ හිංදම "රංදිකගේ ඇස්" ඉතාම බරපතල විදියට අපිට පේනවා. මම බලාගෙන උන්නෙම රංදිකගේ ඇස් දිහා... මේක ලියන්න පරක්කු උනේ මම අහම්බෙන් රන්දිකව හම්බෙනකල් හිටපු නිසා. ඉතිං පෙරේදා රංදිකව විනාඩියකට මට අහම්බෙන් හම්බුණා. "අයියේ යනවා" කියලා යනකොට මම උගේ ඇස් දිහා බැලුවා. මම හිටියේ ඒක දකින්න උවමනාවෙන්. රංදිකට තියෙන්නේ පුදුම අහිංසක ඇස්. චූටි ළමයෙක් වගේ හිනාවෙන මෘදු ඇස්...
ඒත් නන්දිතට තියෙන්නේ වෙහෙසකර හැමදේම 360 පේන බිහිසුණු ඇස්... අර චූටි මෘදු ඇස් කොහොමද බිහිසුණු, ප්රචණ්ඩ ඇස් වුනේ... මම හිතන්නේ ඒකට තමයි රඟපානවා කියන්නේ... මොකද මමත් කෙනෙක්ව කාස්ට් කරන්නෙම එයාගෙ ඇස් දිහා බලලා නිසා මම දන්නවා ඒක අදහස ගැන ටිකක්...
ඉතිං අන්න ඒ විශේෂ "රංදිකගේ ඇස්" දක්ෂම ශිල්පීන් තුන්දෙනෙක් එක්ක හරි හරියට ඇට්කරනවා බලන්න "රිවස්ටන්" බලන්න.... ''
උපුටා ගැනීම ලක්මාල් ධර්මරත්නගේ ෆෙස්බුක් පිටුවෙන්









