ලාංකීය සිනමාවේ නිළි රැජිනිය ලෙස සැලකෙන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය දිවි ගමනට සුමුදුන්නේ 2025 වසරේ මැයි මස 24 වන දාය. ඇය එසේ සමුගෙන ගියත් මලිනී සෙනෙහෙලතා නම් වූ මහා රංගවේදිනිය මෙරට සුවහසක් සිනමා රසිකයන්ගේ මතකයේ සැමදා ජීවත්වෙනු ඇත
ශ්රී ලාංකීය සිනමාව පවතිනතාක්කල් ඇයගේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට මේ මාතෘ භූමිය තුළ රැදෙනු ඇත.
නික්ම ගියද සෙනෙහස නිම නොවන අපේ ආදරණීය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා සදා සිහිකරනු වස්... ඇයගේ භෂ්මාවශේෂ මවුබිමේ සුවඳ දරා නිසලව සැතපෙන මොහොත, සෙනෙහසේ නාමයෙන් ඉදි කෙරුණු ස්මාරකය පුෂ්පෝපහාර මැද නිරාවරණය කිරීම මැයි 21වන බ්රහස්පතින්දා සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සියල්ල සූදානම් කර ඇත.









