ප්‍රිමියර් එකට කතා කළත් පුළුන් තෙමෙයි කියල නොගිහින් හිටියා. පහුවදාම ගිහින් බැලුවා. මේකෙ නමම ආතල්. ඕන කෙනෙකුට අහන්න වෙන්නෙ චන්දරේගෙ වයිෆ් බලන්න යමුද කියල. ගෙදර ගෑනි අහන්න පුළුවන්, තමුසෙ මොකටද උගේ වයිෆ් බලන්න යන්නෙ කියල.
මීට කලින් සමීර නාඔටුන්න ගෙ ෆිල්ම් එක ආවා. ඒකෙ නම වයිෆ්. දැන් තියෙනවා චන්දරේගෙ වයිෆ්.
ඒක ප්රසන්නමය චිත්‍රපටියක්. කාව්‍යාත්මක සිනමා කැටගරියෙ වැඩක්. නදීශාව නම් හරිම සෙක්සි විදිහට ෂුට් කරලා තිබුනා. කැමරාවෙන් කරන රමණයක් තරමට වැඩේ දුර දිග යනවා.
හැබැයි වැඩේ තියෙන්නෙ ෆිල්ම් එක අම්මා කෙනෙක් ගැන. ඒ මදිවට අපි මේ බලන් ඉන්නෙ චන්දරේගෙ වයිෆ්ගෙ ලස්සන.
වාමාංශික පිරිමියා සහ වාමාංශික ගැහැණිය ගැන කතාවක් විදිහටත් කියවන්න පුළුවන්. න්‍යාය, විප්ලව, අරගල, හිරගෙවල් එක්ක ගතවෙන වාමාංශික පිරිමියාගේ දේශපාලනය වෙනුවට රතු රෙද්ද කපලා ළමයින්ට ඇඳුම් මහන ගැහැණියගෙ කතාව එතන තියෙනවා. පිරිමියා ගනුදෙනු කරන්නෙ යකඩ එක්ක නම් ගැහැණිය ගනුදෙනු කරන්නෙ පුළුන් එක්ක වගේ. හැබැයි යකඩ වලට වඩා පුළුන් බරයි කියල ප්‍රසන්න කියනවා.
ඒ බර මනින්න ඔයත් ඇවිත් බලන්න.
උපුටා ගැනීම චින්තන ධර්මදාසගේ ෆේස්බුක් පිටුවෙන්









