ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල අතිසාර්ථක ලෙස පවත්වා නිම කර මෙරටට පැමිණි "ඈත සිතිජයේ" (Aatha Sithijaye) සුවිශේෂී සංගීත ප්‍රසංගය පැවැත්වීමට තව දින 2ක් වැනි කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබේ.
එළඹෙන මැයි මස 22 වනදා සවස 7.00 ට කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Awakasha Entertainment ආයතනයේ ඉදිරිපත් කිරීමක් වන මෙම ප්රසංගයේදී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පීන් වන ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ චන්ද්‍රලේඛා පෙරේරා යන කලාකරුවන් තිදෙනා එකම වේදිකාවකදී ගීත රැසකින් රසිකයන් පිනවීමට නියමිතය.
මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුගත් හෙට්ටිආරච්චි විසින් සිදු කරන අතර, කථනය සහ මෙහෙයවීම ප්‍රවීණ නිවේදක කැළුම් ශ්‍රීමාල් විසින් සිදු කරනු ලබයි.
සංවිධායක මණ්ඩලය දන්වා සිටින්නේ මේ වන විටත් ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සඳහා අතිමහත් ඉල්ලුමක් පවතින අතර, ප්‍රවේශපත්‍ර ඛාණ්ඩ 3ක් සම්පූර්ණයෙන්ම විකිණී අවසන් වී ඇති බවයි.
සමස්ත ප්‍රසංගයෙන්ම දැනට ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත්‍ර 80 ක් පමණි.
Balcony (රු. 3000) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Silver (රු. 5000) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Gold (රු. 7500) : සියලුම ප්‍රවේශපත්‍ර අවසන්
Premium (රු. 10000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 29 පමණි
VIP (රු. 12000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 25 පමණි
VVIP (රු. 15000) : ඉතිරිව ඇත්තේ අවසන් ප්‍රවේශපත් 26 පමණි
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සහ ප්‍රසංගය පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 071 864 7630 යන දුරකථන අංකය ඇමතිය හැකිය. ඉතිරිව ඇති සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණය ද ඉක්මනින් අවසන් විය හැකි බැවින්, ප්‍රසංගය නැරඹීමට බලාපොරොත්තු වන රසිකයන්ට තම ආසන කඩිනමින් වෙන් කරවා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය මතක් කර සිටියි.









