මේ දිනවල සිනමාශාලාවල සාර්ථකව ප්‍රදර්ශනය වන O.I.C ගඩාෆි චිත්‍රපටයේ වැඩිම අවධානයක් දිනාගෙන ඇති චරිතයක් බවට “හිරුණි” පත්ව තිබෙනවා. එම චරිතයට ජීවය දෙන්නේ නැගී එන රංගන ශිල්පිනියක් වන ඩිලුක්ෂි කවින්ද්‍යා වීරපෙරුමයි.
චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ, “හිරුණි” තම රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් බවයි.
මීට පෙර එවැනි චරිතයක් නිරූපණය කර නොතිබූ නිසා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය පිළිබඳව ඇයට යම් කුතුහලයක් තිබූ බවද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් මේ වනවිට ලැබෙන ප්‍රශංසා සහ ප්‍රේක්ෂක ආදරය තමන්ට විශාල සතුටක් බවත් ඇය කියා සිටියාය.
ඇය මෙම චරිතයට තෝරාගෙන තිබුණේ චිත්‍රපටයේ අධ්යක්ෂ රන්ජන් රාමනායක විසින්ම බවද සඳහන්.
මුල් අවස්ථාවේදී එම දුරකථන ඇමතුම සැබෑ එකක්ද යන්න ගැන තමන්ට විශ්වාසයක් නොතිබූ බවත්, පසුව ඔහු සමඟ වැඩ කිරීමේදී සියලු දෙනාටම එක හා සමානව ගරු කරන පුද්ගලයෙකු ලෙස ඔහුව දැකගැනීමට හැකි වූ බවත් ඇය පැවසුවාය.
ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීම තමන්ට විශාල පාඩමක් බවද ඩිලුක්ෂි පෙන්වා දුන්නාය. තම වැරදි සහ අඩුපාඩු පෙන්වා දෙන අය සමඟ වැඩ කිරීමට තමන් කැමති බවත්, රංගනය පිළිබඳව ඉගෙන ගත් බොහෝ දේ ප්රවීණයන්ගේ ඇසුරෙන් ලැබුණු අත්දැකීම් බවත් ඇය කියා සිටියාය.
ඩිලුක්ෂි කවින්ද්‍යා වීරපෙරුම මුලින්ම කැමරාව ඉදිරියට පැමිණියේ 2016 වසරේදී තිරගත වූ ගෝත්‍රා චිත්‍රපටය හරහායි. එතැන් සිට ඇය විවිධ ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණවල අතුරු චරිතවලටද දායක වෙමින් අත්දැකීම් රැස්කරගෙන තිබෙනවා.
ඇය පවසන්නේ කුඩා චරිතවලින් ආරම්භ වූ ගමන තුළින් තමන් රංගනයේ බොහෝ දේ ඉගෙන ගත් බවයි. විශේෂයෙන් රාවණ ටෙලිනාට්‍යය තමන්ට රංගන හැකියාව තවත් විවෘත කරගැනීමට අවස්ථාව ලබාදුන් නිර්මාණයක් ලෙසද ඇය සඳහන් කළාය
Rasaduna









