මම මේ ඉන්න විදිහ ගැන දැනුත් Youtube නාලිකා වල යනවා රංජන් අයියගෙයි මගෙයි ෆොටෝස් දාලා.
මම මේ ඉන්නෙ බල්රාජ් කියලා අසනීප වෙච්ච දෙමළ කෙනෙක්ගේ චරිතයක් රගපානගමන්. මම නළුවෙක්. මට අයිතියක් නෑ මට ඕනෙ විදිහට ඉන්න. අධ්යක්ෂ- -වරයා කියන විදිහට ඉන්න ඕනේ.
මම දැනුත් මෙහෙම ඉන්නෙ තව දර්ශන තල දෙකක් රගපාන්න තියෙනවා ඉතුරු වෙලා. මේ මම චරිතයට හදාගත් පෙනුම. මම ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒක ඉවර උනගමන් මම සම්පූර්ණයෙන්ම වෙන චරිතයකට එන්න පුලුවන්. ලංකාවේ නළුනිළියෝ ගොඩක් මේකප් වලින්නෙ ඉන්නේ. මම නම් ඉතින් මේකප් වලින් නෑ. මම පොලොවේ පය තියල ඉන්නවා.
කුමාර තිරිමාදුර හරේන්ද්‍ර ජයලාල් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලදි









