හිනාවෙන් විතරක් නෙවෙයි, තමන්ගේ ප්රබල රංගන ප්රතිභාවෙන් සහ නිහතමානීකමෙන් අපේ හිත්වල සදාකාලික ලැගුම් ගත්තු ආදරණීය රංගවේදියා.
වේදිකාව, ටෙලිනාට්ය වගේම සිනමාව ඇතුළෙත් ඔහු කරපු ඒ අපූර්ව චරිතාංග නිරූපණයන් අදටත් අපේ මතකයන් අතරේ ජීවමානයි. ප්රහසන කලාවෙන් මුළු රටක්ම හිනස්සපු ඔහු, ඕනෑම බරපතල චරිතයක් වුණත් උපරිමයෙන්ම කරන්න දක්ෂ වුණු සැබෑ මහා කලාකරුවෙක්.
කාලය කොච්චර වේගයෙන් ගලාගෙන ගියත්, විජය නන්දසිරි මහත්මයා දාලා ගිය ඒ හිස්තැන කවදාවත්, කිසිම කෙනෙකුට පුරවන්න බැහැ.
ඔබ අපෙන් සමුගත්තත්, ඔබ තබා ගිය මතක සලකුණු සදාකාලිකයි.









