වර්තමානයේ කාර්යබහුලම අධ්යක්ෂවරයා වන අරුණ ජයවර්ධනගේ හත්වන සිනමා නිර්මාණය ලෙසින් තැනෙන ‘පිස්ZOO‘ චිත්රපටයේ රූපගත කිරීම් ආරම්භ කර ඇති අතර, එය මෙරට මෙන්ම මාලදිවයිනේ ද රූගත කිරීමට නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කර ඇත. එසේම ලංකාවේ නිර්මාණය වන ප්රථම සෙමි ඇනිමේෂන් චිත්රපටයද මෙය වෙයි.
මෙතෙක් මෙරට සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා තැබූ ‘ධර්ම යුද්ධය -2‘ අධ්යක්ෂණය කළ අරුණ ජයවර්ධන සහ එහි තිර පිටපත ලියූ සුනෙත් මාලිංග ලොකුහේවා සුසංයෝගයෙන් නිමවන සිව්වන චිත්රපටයද මෙය වන අතර, ‘එදා රෑ‘ චිත්රපටය තිරගත කිරීමට සූදානම්ව පවතී . ‘රැජිණියේ‘ චිත්රපටියේ මූලික කටයුතු සිදුවෙමින් පවතින අතර වාරයේදී, පිස්ZOO රූගත කිරීම් ආරම්භ කර ඇත.
දර්ශන් තවරාජා, ඉසංකා ජාන්වි, චතුරංග කොඩිතුවක්කු, ඩිස්නි උමාරියෝ, මිලින්ද මඩුගල්ල, සෙනාලි ෆොන්සේකා, ප්රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, ගිහාන් ප්රනාන්දු, කනිෂ්ක අතුකෝරල, කුමාර තිරිමාදුර, ප්රියන්ත සෙනෙවිරත්න, ජැනට් ඇන්තනි, සප්නා පාදුක්ක, නිරෝෂා තලගල, නයෝමි පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් විශාල පිරිසක් එක් වී ඇති ‘පිස්ZOO‘ අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කරනු ලබන තෙවන චිත්රපටය වන මෙහි, කැමරා අධ්යක්ෂණයෙන් චන්න දේශප්රිය, රේඛීය නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ, සංස්කරණයෙන් ශාන් අල්විස්, නිෂ්පාදන කළමනාකරණයෙන් තරිඳු දිල්හාර, කලා අධ්යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ප්රියංක රත්නායක, පසුබිම් සංගීතයෙන් කෙෂාන් පෙරේරා, ඇඳුම් නිර්මාණයෙන් නිවර්තනා මාන්නගේ, ගී තනු නිර්මාණයෙන් කෙෂාන් පෙරේරා, නිශාම් ගුණසිංහ, ක්රිෂාන් කරුණාරත්න ද , ගීපද රචනයෙන් නිසල් ප්රනාන්දු, අංජලී බුදවත්ත හා ලක්මාල් වීරසිරි ද, ගීත ගායනයෙන් උරේශා රවිහාරී, රවින් තාරුක, ලක්මාල් වීරසිරි, මහේෂා සඳමාලි හා කෙෂාන් පෙරේරා එක්ව ඇත. ශබ්ද පරිපාලනයෙන් ශෂින් ගිම්හාන්, සහය අධ්යක්ෂණයෙන් තරිඳු මධුෂාන්, විශේෂ ප්රයෝග සජීවීකරණයෙන් අංජන රාජපක්ෂ සහ නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි ‘පිස්ZOO‘ සඳහා එක්වී ඇත.
ජය පරාජය එකසේ විඳීමට අපොහොසත් අහංකාර මෙන්ම නිර්ලජ්ජිත මිනිසුන් සේම, තම වර්ගයා පිළිබඳවත්, ලෝකයේ යහපැවැත්ම උදෙසාත් මිනිසාට වඩා ගැඹුරින් සිතන තම වර්ගයා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සත්ව කණ්ඩායමක් වටා මෙහි කතාව ගොනුවී ඇත. ආදරය අනුකම්පාව සහ තරගකාරීත්වය පිළිබඳව දීර්ඝව දිගහැරෙන මෙය, ආදර්ශවත් හා කුතුහලයෙන් පිරි හාෙස්යා්ත්පාදක සිනමා නිර්මාණයකි. සත්වයන් වෙනුවෙන් හඬ කැවීමෙන්, ලක්මාල් වීරසිරි, හර්ෂිකා රත්නායක, රංග ජයකොඩි, චමල් රත්නායක, ෂාන් අරෝෂ සහ නිල්මිණි කෝට්ටේගොඩ ඇතුළු පිරිසක්ද ‘පිස්ZOO‘ වර්ණවත් කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත.
rasaduna









