ප්‍රවීණ කලාකරු නදීක ගුරුගේ මහතාගේ අපූර්ව නිර්මාණය, ලොව ප්‍රථම සිම්ෆොනික සහ සිව්මාන (4D) නවකතාව වන "මායා" ග්‍රන්ථය දොරට වැඩීමේ මංගල්‍යය පසුගිය මැයි 21 වැනිදා කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී (SLFI) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සාහිත්‍ය සහ සංගීතය එකිනෙක මුසුවෙමින්, මිනිස් මනස නවතම මානයකට රැගෙන ගිය ඒ සුන්දර සන්ධ්‍යාව සැබවින්ම ජීවිතයට අපූර්ව අත්දැකීමක් විය.
මෙම සුවිශේෂ සාහිත්‍ය සැඳෑව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු කලාකරුවෝ, විද්වත්හු සහ සංගීත ලෝලීහු රැසක් සහභාගී වූහ.
Hiniduma Sunil Senevi face book පිටුවෙන් උපුටා ගැනිණි









