සති කිහිපයකට පෙර "නටත් අයෙක් සුරා මතින්" නාට්‍යයයේ කොටස් දහයක් නැරඹුවෙමි.ඒ ස්වාධීන රූපවාහිනියේ පූර්ව දර්ශන මණ්ඩලයේ (Teledrama Preview Board) සාමාජිකයෙකු ලෙස පැවරුණු වගකීමක් ඉටු කිරීම වෙනුවෙනි.
මා සමග අදාල මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ඊට එක් විය..
මෙය අපූර්ව ටෙලි නාට්‍යක් ලෙස අප සියල්ලෝ ඒකමතිකව අනුමත කළ අතර ඊට උපරිම ලකුණු ලබා දුනි....
ඉන් පසු සිදු වූ සිදුවීම ලස්සන නැත..මෙහි නොලියමි...
මාස කිහිපයකට පසු එය සවර්ණවාහිනියේ විකාශනය වන්නට යන බව දැනගන්නට ලැබුණි..
අපි කලා සංස්කෘතික ජීවිතයේ පුනරුදයක් ගැන කතා කළ මිනිස්සු වෙමු..
එහෙත් රාජ්‍ය නාලිකා වලට ඒ පුනරුදය තවමත් ආලෝක වර්ෂ ගණනක් දුරිනි..
එය එසේ වුව ද යහපාලන ආණ්ඩුව පැවති සමයේ අනුන්ගේ ආණ්ඩුවක සිට අපි බොහෝ දේ කළෙමු.
"සහෝදරයා සහ කූංඹියෝ" ටෙලිනාට්‍ය උපරිම ලකුණු ගෙන ස්වාධීන රූපවාහිනියට තේරෑ පූර්ව දර්ශන මණ්ඩලයේ මම ද සාමාජිකයෙක්ව සිටියෙමි..
එදා අපට ජවිපෙ පන්ති පහ තරමට න්‍යායික දේශපාලන දැක්මක් සහිත "සහෝදරයා" ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරන්නට හැකි විය.
ඒවා වාණිජ අතින් විසල් ධනයක් නොගෙනා බව ඇත්ත ය.එහෙත් ඒ අපූර්වත්වය රටට පෙන්නන්නට අපට නිදහස තිබුණි..
රූපවාහිනිය ප්‍රතික්ෂේප කොට තිබූ "කූඹියෝ" ටෙලිනාට්‍ය ද අපි නොබියව ස්වාධීන රූපවාහිනියට තෝරා ගතිමු..එම වසරේ ජනප්‍රිය ම ටෙලිනාට්‍ය නාලිකාව බවට ස්වාධීන රූපවාහිනිය පත් වන්නට ඒ තීරණ බලපෑවේ ය..
සිරිසේනගේ දින 52 ආණ්ඩුවෙන් පසු අපට පූර්ව දර්ශන මණ්ඩලයේ දොරවල් වැසුණි..නාලිකාවේ සභාපති වී ආවේ සෝමරත්න දිසානායක බව ආරංචි විය..
සමාප්තිය ...
"නටත් අයෙක් සුරා මතින්" අද දනන් තුඩ රැව් දෙන නමකි.අපේ විනිශ්චය ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී නැත.ප්‍රේක්ෂකාගාරය අහිමි කර ගත්තේ ස්වාධීන රූපවාහිනිය පමණි..
රාජ්‍ය මාධ්‍ය තුළ පුනරුදය දකින්නට අප තව කොතරම් දුර යායුතු දැයි නොදනිමි
රවී සිරිවර්ධන









