ඇත්තටම මේ ගමනෙ මට ගොඩක්ම මඟ පෙන්වූ කෙනා තමයි අජිත් සංජීව පෙරේරා මහත්මයා.
මොකද මගෙ නිසඳැස් ගීත රචනා බවට වර්ධනය කරගන්න ඔහු පෙන්වූ මඟ පෙන්වීම ගොඩක් ඉහළයි.
කියවීමට ගොඩක් කැමති කෙනෙක් මම. ඉතින් මම හිතනව ඒක තමයි මට ලියන්නත් ගොඩක්ම බලපෑවේ කියන එක.මගෙ හීනයක් තමයි ගීත පොතක් හා නවකතා පොතක් එළිදැක්වීම.
ඇත්තටම මේ යුගය තරුණ පරපුරට ගොඩක් සතුටු වෙන්න පුළුවන් යුගයක්. මොකද තමාට හැකියාවක් තියෙනව නම් ඉදිරියට යන්න ගොඩක් අවස්ථාව ද මාර්ග ද අද විවෘත වී තිබෙනවා.
ඉස්සර වගෙ නෙවෙයි. තමාගෙ නිර්මාණයක් පළ කර ගැනීම හෝ අධ්‍යයන කටයුත්තක් සඳහා ගොඩක් මාර්ග තිබෙනව අද. විශේෂයෙන් සමජ මාධ්‍ය ආධුනිකයන්ට හොඳ තෝතැන්නක්.
මම සමාජ මාධ්‍යය ඇසුරු කරමින් ලස්සන ගමනක් ආරම්භ කළ කෙනෙක්.
ඉතින් ඒ විදියටම මගෙ ඉදිරි නිර්මාණ ජීවිතයත් ඉදිරියට ගෙනියන්න කැමැත්තෙන් කටයුතු කරගෙන යනවා.
මගෙ නිර්මාණ ජීවිතය ගැන මම ගොඩක් සතුටුයි.
රෑ තරු ඇවිත් නොකියාම
සරසන්න සඳ නේන …
මේ රාත්‍රියේ …
ළා දම් වලාසැගවෙද්දි
ඔය හැටිම සීතලට මං ගුලිවෙවී









