ජනප්රියත්වය කොච්චර තිබුණත්, තමන්ගේ මුල් අගයන් අමතක නොකරන අය හරිම කලාතුරකින් දකින්න ලැබෙනවා.
දිනක්ෂි කියන්නේ එවැනි චරිතයක්. කාර්යබහුලත්වය සහ ජනප්රියත්වය මැද වුණත්, පවුලට ආදරයෙන් බැඳී ඉන්න වගේම සරලකමත් නිහතමානීකමත් රැකගෙන ඉන්න ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන තිබෙනවා.
පසුගියදා පැවති දෙරණ වෙසක් දන්සැලේදීත් ඒ ගුණාංග යළිත් දැකගන්න ලැබුණා. කිසිදු ආඩම්බරකමකින් තොරව, හැමෝමත් සමඟ එකට එක්වෙමින් දන්සැලේ කටයුතුවලට දායක වූ ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.
පවුලේ ආදරය, මනුස්සකම සහ නිහතමානීකම කියන්නේ ජීවිතය ලස්සන කරන වටිනා ගුණාංග බව දිනක්ෂි නැවතත් මතක් කරලා දුන්නා.









