අප තබන එක් කුඩා පියවරක් ඔස්සේ අනාගතයේ දී යෝධයකු බවට පත්වීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. එය මිනිසෙකුගේ සාර්ථකත්වයේ මං සලකුණු වැනිය.
වයස අවුරුදු 15ක් වන විශ්මි ජයවර්ධන නුගේගොඩ අනුලා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකි. ඇය විසින් රචනා කරන ලද “MADORA – DAWN OF A QUEST” නම් ව්ද්‍යා ප්‍රබන්ධ – වීර ක්‍රියා ශානරයේ කෘතිය පසුගිය දා එළිදැක්විණි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ යොවුන් ලේඛිකා විශ්මි ජයවර්ධන සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
විශ්මිට මුලින්ම ලියන්න ආසාව ඇති වුණේ කොහොමද?
අපි පුංචි කාලෙ නිදියන්න යනකොට අම්මා අපිට කතන්දරයක් කියනවා. ඒවා අහන්න අපි හරිම ආසයි. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මම පොත් කියවන්නත් පටන් ගත්තා. ඒ සියල්ලෙන්ම ලැබුණු අදහස් උදව් කරගෙන මම මගේම කතා හදලා නංගිලාට කිව්වා. පස්සේ මට ඒ කතන්දර ලියන්න හිතුණා. එහෙම තමයි මම ඉස්සෙල්ලම “Berry” කියන මගේ පළවෙනි පොත ලිව්වේ.
ඔබේ කුලුඳුල් කෘතිය වන “MADORA – DAWN OF A QUEST” ලියවුණේ කොහොමද? කෘතියේ ශානරය (Genre) සහ කතා වස්තුව (Plot) ගැන කියමු….
ඇත්තටම මම මුලින්ම ලියපු පොත් ගොඩක් ක්ලැසික්. එදිනෙදා ජීවිතයේ අපිට වෙන දේවල් හා අත්දැකීම් යොදාගෙන තමයි ඒවා ලිව්වේ. ඉතින් පොත් කියවද්දි ඒවගෙන් ආපු අදහස් එක්ක මට ආසාවක් ආවා අනාගතයට අයිති කතාවක් හදන්න. එතකොට තාක්ෂණය, සමාජය ගොඩක් වෙනස්. අපිට ඒ කාලය හරියටම මෙහෙමයි කියල නිගමනය කරන්න බැහැ. එතකොට මට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්.
අනිත් එක වෙන ග්‍රහලෝක, අභ්‍යවකාශ චාරිකා වගේ දේවල් කියවන්න ගොඩක් අය ආසයි. ගොඩක් වීරක්‍රියා ගැන ලියන්නත් පුළුවන් එතකොට. එහෙම හිතලා තමයි “Madora Dawn of a Quest” ලියන්න ගත්තේ. මේ පොත විද්‍යා ප්‍රබන්ධ – වීර ක්‍රියා (Sci-fi classic adventure) කතාවක්. මේක පොත් තුනක series එකක පළවෙනි පොත
sarasaviya









