දරුවෝ තුන්දෙනෙකුත් එක්ක ස්වාමියාගේ රැකවරණය අහිමිවෙන ගැහැනියකට ජීවිතේ දිනන්න කොයිතරම් හයියක් තියෙන්න ඕනද?
අනිත් අතින් ස්වාමියා සිරබත් කද්දී දරුවන්ගේ කුස පුරවන ගමන්ම සමාජයෙන් එල්ලවන නොයෙකුත් අවහිරතා මධ්‍යයේ ගැහැනිය ජීවිත සටන ගෙන එනවා කියන එකත් එක්තරා අන්දමකට ආශ්චර්යයක්. චන්දරේගේ wife එල්ල වෙන්නේ ඒ අභියෝග විතරක්ද? තමන්ගෙම ස්වාමියාට දාවුණා යැයි කියවෙන තවත් දරු පැටියෙකුත් ඈටම සින්න වෙනවා.
මේ සියලු අල කලංචි මැද්දේ වුණත් ඇගේ හිතේ මෝදු වෙන මා මවුවත්භාවය චන්දරේගේ වයිෆ්ගේ හදවතින් දෝරේ ගලනවා. මේ චන්දරේගේ ඹඪටඥ හෙවත් ගංගා අපට හමුවන්නේ ප්‍රසන්න ජයකොඩිගේ මේ දිනවල තිරගතවන චන්දරේගේ ඹඪටඥ චිත්‍රපටයෙන්. ඈ ගැන මෙන්ම ප්රසන්නගෙ සිනමා ගමන පිළිබඳ කතා කරන්නට පසුගිය දිනක අපේ සාකච්ඡාවට ප්‍රසන්න ජයකොඩි කැඳවා ගත්තා. මේ ඔහු සමඟ කළ පිළිසඳරකි.
ප්‍රසන්න ජයකොඩිට කොහොමද චන්දරේගේ wife මුණ ගැසුණේ?
ඒක එක පැත්තකින් අනීතික හමුවීමක්. ඒකම තමයි ප්රේක්ෂකයින්ටත් මේ චිත්‍රපටයේ තිබෙන විශේෂ ආකර්ෂණීය හේතුව. අනුන්ගේ wife කෙනෙක් මුණ ගැස්වීම. ඒක ටිකක් විවෘතව හෝ ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් අවස්ථාවක් බවට පත්කිරීම.
ඇත්තටම මේ ජධදජඥනබ එක උපදින්නේ ටිකක් කලකට ඉහතදී. ඒක වර්තමානයට පෙරලා ජධදජඥනබ ඒකට හට ගත්ත වස්තු බීජය වෙච්ච කාලේ සිද්ධි අරගෙන වර්තමානයට ගැළපුවත් අදත් ඒක ඒ ආකාරමයි කියලා දැනුණ නිසා තමයි මේ චිත්‍රපටය කළේ. චන්දරේගේ wife කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ ගැහැනිය බිරිය, මව කියන කාන්තා චරිතය. බොහෝ වෙලාවට මේ සංකල්පය මොඩර්න් යැයි සම්මත තරුණ කැල විවාහයට පත්වන තුරු නොදැනෙන්න පුළුවන්. නමුත් විවාහ සංස්ථාව ඇතුළේ මේ කියන කතාව තිබෙනවා. මේක මට අත්දැකීමක්. ඇත්තටම 1971 කැරැල්ල වෙලාවේ අපේ තාත්තා සිරගත වෙනවා. ඒ සිරගත වීමෙන් පස්සේ අපේ ගෙදර තිබුණු තත්ත්වය සහ අපි මූණ දුන්න යම් යම් අත්දැකීම් තමයි ර්‍ථතධබ එකක් විදියට මගේ හිතේ ඇති වුණේ. එතනින් ගලවගෙන තමයි වර්තමානය දක්වා මේක රැගෙන ආවේ. මම හැම මොහොතෙම යමක් ලියන්න කියන්න පෙලඹෙන්නෙ තමන්ට ගෝචර වුණු තමන්ට දැනුණු හේතුවක් මූලික කරගෙන ඒ හේතුව මත තමයි මේක මෙතනින් එහාට වර්ධනය වෙන්නේ
sarasaviya









