lan englan tam

පුවත්

ජින්ගල් බෙල්ස්" නත්තල් ගීයක් නොවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජින්ගල් බෙල්ස්..... ජින්ගල් බෙල්ස් "කියන කොටම හිතට නැගෙන නාදය සහ ගී පද මේ ලෝකෙ නොදන්නෙ කව්ද ?අළුතම ඉපැදෙන බිළිදෙකු හැරෙන්නට ලොවපුරා සියළු ආගම් ජාතීන් අතර මේ ජින්ගල් බෙල්ස් ගීය ඉතාම ජනප‍්‍රියයි.

ඔබ දන්නවද මෙහි ඉතිහාසය කොයිතරම් ඈතට විහිදෙනවද කියලා.මෙය අමෙරිකානු ගීයක්.මෙය රචනා කොට ඇත්තේJames Lord Pierpont විසින්. මෙය 18 වන ශතවර්ෂයේ රචනා වූ ගීයක්.මෙය මුල්වරට පළකොට ඇත්තේ 1857දි.මෙයට මේ වනවිට වසර 200ක් ඉක්මවා ගොස් තිබෙනවා. මෙය මුලින්ම ගායනාකොට ඇත්තේ පල්ලියේ ළමා ගීතිකා කණ්ඩායමක් විසින් .අනිත් සුවිශේෂී කාරණය තමයි මෙය නත්තල සඳහා ලියැවුන ගීයක් නෙමේ.කෙසේවුවත් ඉතිහාසඥයින් මෙම ගී යේ මුල් අනන්‍යතාව පිළිබඳ වාද විවාද කරනවා.

කෙසේවුවත් පල්ලියේ ළමා ගීතිකා කණ්ඩායමක් සඳහා ලියැවුනාය පවසන මේ ගීතයේ නත්තලේ පිණිමුවන් ගැන සඳහන් ගීයක් නෙමේ. මෙහි කියැවෙන්නේ"One Horse Open Sleigh"කියලයි. කෙසේ නමුත් ගීතයේ ජනප‍්‍රියතාව සහ හිමකරත්ත ය මෙහි සංකේතාත්මක වන නිසාත් උඳුවප් මාසයේ ශීතල අතරින් වැටෙන හිම පියළි නත්තල් නිවාඩුව සංකේතවත් වන නිසාත් හිමයානය ශීත සෘතුව නත්තල මේ සියල්ල සමග එකට එකතුවන උත්සවකාරී ප‍්‍රීතිමත් ගැහීම ට හොඳ ගීතමය උත්තේජනයක් අලංකාරයක් එකතු කරන්නට මේ "ජින්ගල් බෙල්" ගීතයට හැකියාවක් ලැබී තිබෙනවා.

"Dashing thro’ the snow,
In a one-horse open sleigh,
O’er the hills we go,
Laughing all the way;
Bells on bob tail ring,
Making spirits bright,
Oh what sport to ride and sing
A sleighing song to night.
Jingle bells, Jingle bells,
Jingle all the way;
Oh! what joy it is to ride
In a one horse open sleigh.
Jingle bells, Jingle bells,
Jingle all the way;
Oh! what joy it is to ride
In a one horse open sleigh.
A day or two ago,
I thought I’d take a ride,
And soon Miss Fannie Bright
Was seated by my side,
The horse was lean and lank;
Misfortune seemed his lot,
He got into a drifted bank,
And we, we got upsot.
A day or two ago,
The story I must tell
I went out on the snow
And on my back I fell;
A gent was riding by
In a one-horse open sleigh,
He laughed as there I sprawling lie,
But quickly drove away.
Now the ground is white
Go it while you’re young,
Take the girls to night
And sing this sleighing song;
Just get a bob tailed bay
Two forty as his speed.
Hitch him to an open sleigh
And crack, you’ll take the lead."

මේ ගීතය ලොව ජනප‍්‍රියම සහ ලෝකයේ බොහෝ අය දන්නා එකම ගීතය ද වෙනවා. 

ජේම්ස් ලෝර්ඩ්  1822 අප‍්‍රියෙල් 25  බොස්ටන් නගරයේ  උපන් අතර ඔහු ගීත රචකයෙක් තනු නිර්මානයකරන්නෙක් සහ ඔිිගන් වාදකයෙක් වෙනවා."ජින්ගල් බෙල්" ගීතයේ රචකයා මෙන්ම එහි ජනප‍්‍රිය තනුව නිර්මානය කරන්නේද ඔහු විසින්මයි. එය ප‍්‍රථමයෙන්ම නම් කෙරෙන්නේ"One Horse Open Sleigh" නමින්.

කෙසේවුවත් James Lord Pierpont කවුරුන් සඳහා කවදා ලියන ලද්දක්ද යන්න විසඳාගත නොහැකිව ඇති මෙම "One Horse Open Sleigh"ගීතය මෙඩ්ෆෝරඩ් චතුරශ‍්‍රයේ ඵලකයක සටහන් කොට තිබෙනවා.

මෙය එලෙස එහි සමරු ඵලකයක සටහන්කොට ස්ථාපිත කොට ඇත්තේ එම ගීතය උපන් ස්ථානය ලෙස අනුස්මරණය කරණු සඳහායි.මෙඩ්ෆෝර්ඩ් නගර ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ මෙම ගීතය නගරයේ පැවති හිමකරත්ත තරග වළදී වාදනය කළ ජනප‍්‍රියම ගීතය බවයි. මෙම ගීතයේ මුල්ම හිමිකාරීත්වය වාර්ථා වෙලා තියෙන්නේ 1857 සැප්තැම්බර් 16වෙනිදා එටිස් වෝටර්මන් මහත්මිය ගෙ නමින්. ඇය මෙම ගීපද රචකයා වූ ගෙ සමීප හිතවතියක් බවයි සඳහන් වන්නේ.

18වෙනි ශතවර්සයේ ලියැවුනත් "ජින්ගල් බෙල්ස්" අද නත්තලේ තේමා ගීතය බවට පත්ව තිබෙනවා. එමෙන්ම අශ්වයෙක් වෙනුවට පිණිමුවන් විසින් යොදවා ඇති හිම කරත්තයක් බාවිතා වෙනවා. අශ්වාරෝහකයෙක් වෙනුවට නත්තල් සීයා කෙනෙක් සහ පිණිමුවන් බැඳි කරත්තය විචිත‍්‍රවත් ලෙස චිත‍්‍රනය වී  සීනු නාදයත් සමග" ජින්ගල් බෙල්" ගීතය වැයෙනවිට නත්තල උදාව ඇති බව සමස්ථ ලෝකයම දන්නවා.

 

Back to top
Go to bottom

Popular News