පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකයෙන් ලොවම කම්පා වෙයි
මෙරට පුරවැසියන්, සංචාරකයින් ඇතුළු සිය ගණනකගේ දිවි අහිමි කරමින් ඊයේ (21) දින සිදු වූ ඛේදවාචකය සමස්ත ලෝකයම කම්පා කර තිබේ.
ලොව රාජ්‍ය නායකයින්, මාධ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පාස්කු ඉරුදින සිදුවූ මෙම ප්‍රහාර මාලාව දැඩි ලෙස හෙළා දැක තිබුණි. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, එක්සත් රාජධානි අගමැතිනි තෙරේසා මේ, කැනඩා අගමැති ජස්ටින් ටෘඩො, එක්සත් ජනපද හිටපු ජනපති බරක් ඔබාමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, ගායන ශිල්පී මරියා කැරේ, බොලිවුඩ් රංගන ශිල්පිනි අනුෂ්කා ශර්මා ඇතුළු පිරිසක් මේ අතර වේ.
පිපිරීම්වලින් ජිවිතක්ෂයට පත් ජනතාව සිහිපත් කිරීමට සහ ශෝකය ප්‍රකාශ කිරීමට ලොව විවිධ පිරිස් කටයුතු කර තිබුණේ මේ අයුරිනි,
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රකට අයිෆල් කුළුණ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිය විදුලි පහන් නිමා දැමුවා.

ස්පාඥයේ Bernabeu පිටියේ පැවැත්වුණු පාපන්දු තරගයකට පෙර රියල් මැඩ්රිඩ් කණ්ඩායම විනාඩියක නිහඬතාවයක් ප්‍රකාශ කර සිටි අයුරු.

රුසියාවේ මොස්කව් නුවර තරුණ, තරුණියන් පිරිසක් මියගිය පිරිස සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වූ හ.

වැලි නිර්මාණ ශිල්පී සුදර්සන් පට්නායක් ඉන්දියාවේ ඔඩිස්සා හි පුරි මුහුදු වෙරළේ කළ වැලි කලාව.

පකිස්ථානයේ කරච්චි නුවර වැසියන් මියගිය පිරිස සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වූ හ.

ඊශ්‍රාලයේ TelAviv ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ පැහැයෙන් විදුලි පහන් දැල්වී ය.



