ප්රවීන බොලිවුඩ් රංගන ශිල්පිනි ශෝහත් දිවි රඟමඬලින් සමුගනියි
ප්රවීන බොලිවුඩ් රංගන ශිල්පිනි ශෝහත් කයිෆි අස්මි අභාවප්රාප්ත වී තිබේ.
93 හැවිරිදි වියේ පසුවූ ඇය මියගොස් ඇත්තේ පසුගිය සිකුරාදා සවස ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා ය.
උමාරාඕ ජාන් සිට මිරා නායර්ගේ ඔස්කාර් නිර්දේශිත සලාම් බොම්බේ චිත්රපටය දක්වා විවිධ චරිත රැසක් සඳහා ශෝහත් සිය රංගන දායකත්වය සපයා ඇත. ඇය අවසන් වරට රංගනයෙන් එක්වුයේ විවේක් ඔබ්රෝයි සහ රානි මුඛර්ජි රඟපෑ “සාතියා” චිත්රපටය සමඟිනි. ඒ 2002 දී ය.
උර්දු කවියෙක් වන කයිෆි අස්මි සමඟ විවාහ වී සිටි ශෝහත්ට ශබානා සහ බාබා නමින් දරුවන් දෙදෙනෙකි. ඇයගේ දියණිය ශබානා අස්මි ද ප්රවීන රංගන ශිල්පිනිය කි.
අමිතාබ් බච්චන්, තාබු, රිෂි කපූර්, රේඛා, සන්ජේ කපූර්, නිලිමා අසීම් ඇතුළු බොලිවුඩ් රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් පසුගිය සෙනසුරාදා ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණි.



