ඉම්රාන් හෂ්මි පසුගිය වසරෙන් පසුව ජනප්රිය චිත්රපට දුෂ්ඨයා හැටියට ජනප්රිය වෙමින් පවතින වකවානුවක චිත්රප්ට අධ්යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ මුම්බායිහි එක්සෙල් එන්ටර්ටේන්මන්ට් කාර්යාලයේදී රැස්වීමක් සඳහා සහභාගි වීම රසිකයින්ගේ බලාපොරොත්තු වැඩි කරන ප්රවෘත්තියක් මවා තිබේ.
ඒ ෆර්හාන් අක්තාර් මීළඟ චිත්රපටය වන ඩොන් 3හි රන්වීර් සිංගේ දුෂ්ඨ චරිතය රඟපෑම ගැන සාකච්ඡා කිරීම සඳහා බව වාර්තා වේ.
අමිතාබ් බච්චන් 1978දී ප්රධාන චරිත රඟපෑ 'ඩොන්' චිත්රපටයේ අයිතිය ෆර්හාන් සහ ඔහුගේ කොටස්කරු රිතේශ් සිධ්වානි මිලදී ගත් අතර එය 2006දී 2011දී ඩොන් සහ ඩොන් 3 ලෙස ප්රතිනිර්මාණය විය. ප්රතිනිර්මාණ දෙකේම දුෂ්ඨ චරිත රඟපෑවේ බොමන් ඉරානි වන අතර ඉම්රාන් හෂ්මි මෙවර දුෂ්ඨයා වනු ඇත.
මේ බව අක්තාර් සහ සිධ්වානි නිල වශයෙන් ප්රකාශයට පත් කර නොමැති නමුත්, පළ වන ඉඟි අනුව මීළඟ ඩොන් ප්රති වීරයා වනු ඇති බව විශ්වාස පළ වේ.









