lan englan tam

පුවත්

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගවල ජවය රැඳෙන්නේ කෙසේද?  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටේලර් ස්විෆ්ට් Eras Tour පටන් ගත්තෙ 2023 මාර්තු 17. Eras Tour 2024 දෙසැම්බර් 08 අවසන් වෙද්දි  රටවල් 23 ක ප්‍රසංග 152ක් පවත්වන් නියමිතයි.

අන්තිමට තිබුන සිඩ්නි ප්‍රසංග මාලාවෙ දවස් වුනේ පෙබරවාරි 23,24,25,26. මීලඟ සිංගප්පූරු ප්‍රසංග මාලාව පැවැත්වෙන්නෙ මාර්තු 02,03,04,07,08,09. 

එක ළඟ දිනවලදි පවත්වන මේ සෑම ප්‍රසංගයක්ම පැය 3.30ක් විතර පැවැත්වෙනවා. ඒ අතරෙ සිංදු 40කට වඩා කියනවා. සැරින් සැරේ ඇඳුම් මාරු කරනවා. ගිටාර් ප්ලේ කරනවා. ඩාන්ස් කරනවා. 
 
මේ වගේ අධික වෙහෙසකර ප්‍රසංග මාලාවක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රබෝධමත්ව කිසිදු වෙහෙසක් නොපෙන්වා කරන්නෙ කොහොමද ? 
 
ඒකට පුහුණු වෙන්න පටන් ගන්නෙ ප්‍රසංග පැවැත්වෙන්න මාස හයකටවත් කලින් ඉඳලා. ටේලර් ස්විෆ්ට් සාමාන්‍යය ව්‍යායායම් වලට අමතරව දිනපතා ට්‍රෙඩ් මිල් එකක දුවන්න පටන් අරගෙන තියෙනවා. මේකෙ දුවන්නෙ නිකන් නෙවෙයි සියලුම ගීත ගායනා කරන ගමන්. මීට අමතරව විශේෂ පුහුණුකරුවෙක් යටතේ ව්‍යායාම කරනවා.
 
මාස තුනකට කලින් ඩාන්ස් ප්‍රැක්ටිස් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ කාලය තුල ඇය මත්පැන් පානයෙන් වැළකී සිටිනවා. මේ සමස්ත කාලය තුලම ඇය මත්පැන් පානය කර තිබුනේ ග්‍රැමී සම්මාන රාත්‍රියෙදි විතරයි. 
 
ඇයට අනුව ප්‍රසංගයක් හමාර කර ඊලඟ දවසේ පැවැත්වෙන ප්‍රසංගය දක්වා කාලය තුල ඇය ගත කරන්නේ ඇඳ මතය. ආහාර ගැනීම පවා ඇඳ මත  සිට සිදුකරන ඇය කතාබස් කිරීමෙන් වැළකී සිටීමට උනන්දු වන්නේ පැය තුනක් තිස්සේ ගීත ගැයීමෙන් තෙහෙට්ටුවට පත්වූ ඇයගේ ස්වර තන්තුවලට විවේකයක් ලබාදීමටය.
 
අධික මුදලක් ගෙවා ඇය නැරඹීමට පැමිණෙන සෑම අසන්නෙකුටම ඇයගේ හොඳම වර්ශන් එක ලබාදෙන්න ඇය මහන්සි ගන්නවා. 
 
ලොව වැඩිම ආදායමක් උපයන ප්‍රසංග මාලාවක් බවට මෙය පත්වන්නේ මෙවැනි කැපකිරීම් හේතුවෙනි.
 
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශා දන්තනාරායන විසිනි
Back to top
Go to bottom

Popular News