lan englan tam

පුවත්

තඩි මීගමුවට හැඩි දැඩි සිනමාශාලාවක් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීගමුව නගරයට අලුතෙන් නව පන්නයේ සිනමා ශාලාවක් නුදුරේම පැමිණෙන බව වාර්තා වේ. 

මීගමුවේ පැරණි ඇන්ඩෲ සිනමාශාලාව සම්පූර්ණයෙන් නවීකරණය කරමින් මෙම සිනමාශාලාව 'ඇක්වා ලයිට් සිනමා' (Aqua Lite Cinema) යනුවෙන් ආරම්භ කෙරෙන බව කියවේ. 
 
මේ පිළිබඳව දැඩි උත්කර්ෂවත් සටහනක් ෆේස්බුක් සමාජජාලයේ 'සිනමාවේදීන්' පිටුවේ පාලක වන උපුල් දිසානායක විසින් පළ කරනු ලැබ තිබිණි. 
 
"යෙස්! අපේ උත්සාහය සාර්ථකයි! ..
මගේ ගම නොවුනත් මම හැමවිට යන එන තැනක් තමා මීගමුව,,අපි ඉස්සර ඉඳන් කිව්වනෙ මීගමුව වගේ තඩි ටවුමක හොඳ සිනමාශාලාවක් නැ කියල..
 
අපේ ඉල්ලීම දැකල නොවෙන්න පුළුවන් මේ තීරණය ගන්න ඇත්තෙ Light Cinema අධිපති තුමා.. හැබැයි දිනක්. එතුමා මට හමුවුනාම කිව්ව මුනටම ..මහත්තයා ඔයා දාන්නකො මීගමුවෙ හෝල් එකක් කියල.. පට්ට එන්ටටේනින් ක්‍රවුඩ් එකක් ඉන්න ප්‍රදේශයක්නෙ කියල..එතකොට මුදලාලි මහත්තයා කිව්වා, අපි බලමුකො කියල..
 
ඉතිං ඔන්න නුදුරේම පරණ ඇන්ඩෘ සිනමාශාලාව සම්පූර්ණයෙන් නවීකරණය කරලා 3D තාක්ෂණයෙන් බල ගැන්විලා..තමයි මේ Lite Cinemaස් ලගේ අලුත්ම, ශාඛාව Aqua Light එක Negomboවලට එන්නෙ..
 
ජය වේවා"
Back to top
Go to bottom

Popular News