lan englan tam

පුවත්

ලතාගේ හඬ කණට මී පැණිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
සත්සරවේදී සරත් දසනායක සත්සර රාවය
 
මේ මියුරු සත්සර නාදය සමග දැහැන්ගත විය හැක!එතුමාට අනේක වාරයක් පින් සිදු වේවා! අප වැනි සංගීත කලාකාමී රසිකයින්ගේ සවන් මෙන්ම සිත් සැබෑ සංගීත රසයකින් පිනවූවාට. ආචාර්ය අජන්තා රණසිංහ ගී පද සංකල්පනාවක්. සිනමා ගී රැජින ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල සමග ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න ගීත ගායනාවක්.
 
ලතා වල්පොල මහත්මිය ඉතාම මියුරු ස්වරයෙන් මෙම ගීතය ගයන අයුරු අතිවිශිෂ්ටයි. අප සවනට මී බිදු වෑහෙන්නාක් මෙනි. 1981 දී  තිරගත වූ මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "සමාවෙන්න" සිනමා සිතුවමේ ආ මා ඉතාම ප්‍රිය කරන සිනමා යුග ගීතයක්. මෙම සිනමා ගීතය මා කාලයක් සිට සොයමින් සිටි යුග ගීතයක්. මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් මෙම ගීතය රැගත් වීඩියෝව මා නෙත ගැටිණි.
 
ඒ ඇසිල්ලෙන් මා එය කොපි කර ගතිමි. පොඩි කාලයේදී මා සවන් රැඳි මේ මියුරු ගීතය ඒ කාලයේ ස්වාධීන රුපවාහිනියේ විකාශය වූ චිත්‍ර ගීත වැඩසටහනේ දුටුවාට පසු මා එය යළිත් නරඹන්නට ඉතා ආසාවෙන් බලා සිටියෙමි.
 
මගේ ආසාව ඉටු කරමින් මුහුණුපොතේ එය මා නෙත ගැටීම මා සිතට මහත් අවිහිංසක සතුටක් ගෙන දෙන්නට සමත් වෙයි. මෙය මුහුණු පොතට එක් කළ ඡමින්ඩ ඵියසෙන මහතාට ස්තුතිය පුදකරමි.
 
ගඟ අද්දර නිර්මලා තුළින් මා සිත් හී නොමැකෙන සිනමා රංගන මතක සටහන් තැබූ ප්‍රවීණ සිනමා රංගනවේදීනී වසන්ති චතුරාණි සහ රංගධර ටෝනි රණසිංහ සමග ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මෙම මියුරු සිනමා ගීතයේ රංගනයෙන් පෙනී සිටිති.
 
ඒ මියුරු ආරාධනාවන් ඔබටත් මටත් වාසනාවන්......
 
රොහාන් සෙනෙවිරත්න 

28-02-2024

Back to top
Go to bottom

Popular News