lan englan tam

පුවත්

ආදරවන්තයින්ගේ දිනයට නිකුත් කළ ගීතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා; නදීෂා දයාරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාලයක් රංගන ශිල්පිණියක් ලෙස ඔබේ ආදරය දිනාගත් නදීෂා දයාරත්න වර්තමානයේ වෘත්තීය මට්ටමේ ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටියි. පසුගියදා ඇය තවත් අලුත් ගීතයක් නිකුත් කළා. ඒ පිළිබඳව නදීෂා අපට කිව්වේ මෙහෙමයි..

 
කාලයකට පස්සේ නේද ඔබ ගීතයක් නිකුත් කළේ?
මගේ අලුත්ම ගීතය තමයි "හරි ආදරයෙන් උන් කාලේ". මේ ගීතය මා මීට මාස අටකට පෙර නිකුත් කළා "පෙරදා" නමින්. එම ගීතයේ ගිටාර් වර්ෂන් එකක් විදිහට තමයි මේ අලුත් ගීතය නිර්මාණය වුණේ. වෙනසකටත් එක්ක තමයි මේ ගීතය මම නිකුත් කරන්න හිතුවේ. ඉතින් ලැබෙන ශ්‍රාවක ප්‍රතිචාර ඉතාම ඉහළයි. මුල් ගීතය කරපු උදාර සමරවීර අයියාම තමයි මේ ගීතය අලුත් විදිහකට කරමු කියලා යෝජනා කළේ. මේක මම අවස්ථාවක් කරගන්නවා ඔහුව ආදරයෙන් මතක් කරන්නත්.
 
කොහොමද මේ ගීතය ඔබට ලැබුණේ?
"පෙරදා" ගීතයේ ගිටාර් වර්ෂන් එකනේ මේ. උදාර සමරවීර අයියා අතින් තමා මේ ගීතයේ පද රචනාව, සංගීතය හා ගී තනුව මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ. උදාර අයියා මගේ හොඳ මිතුරෙක්. ඔහු තමයි "පෙරදා" ගීතය කරමුද කියලා මුලින්ම මට අදහස දැම්මේ. ඇත්තටම මේ ගීතය මට උදාර අයියා දුන්නේ මගේ හඬ මේ ගීතයට හොඳටම ගැළපෙන නිසා. පස්සේ මේ ගීතය අහපු ගොඩක් අය කිව්වා මේ ගීතය තව වෙනස් විදිහට නිර්මාණය කරන්න කියලා. උදාර අයියාත් ඒ එක්කෙනක්. ඒ අදහස් එක්ක තමයි "හරි ආදරයෙන් උන් කාලේ" ගීතය ගිටාර් වර්ෂන් එකක් විදිහට නිර්මාණය වෙන්න හේතුවක් වුණේ. අනික් දේ තමා මේ ගීතය පුරාවටම තියෙන්නේ ආදරය ගැන හින්දා අපි මේක සැළසුම් කළා ආදරවන්තයින්ගේ දිනයේදී නිකුත් කරන්න. මම හිතනවා ඒ ගත්තු තිරණයට අද හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක කියලා. ගිතය ගොඩ දෙනෙක් ආදරයෙන් රසවිඳලා තියෙනවා වගේම මේ ගීතය මිනිස්සු අතරට අද වෙන කොට ගිහින් තියෙනවා මට දැනෙනවා.
 
ගොඩක් තරුණ අය දැන් කවර් සෝන්ග් ගීතවලට තමයි වැඩිපුර කැමති?
ඔව්, මටත් හිතෙනවා ඒක ඇත්ත කියලා. මොකද, මමත් ගොඩක් කැමැත්තෙන් කවර් ගීත අහන කෙනෙක්. ඒ හින්දා තමයි මා අතිනුත් කවර් ගීත කිහිපයක්ම නිර්මාණය වෙන්න හේතු වුණේ. කවර් ගීතවල වෙනස විදිහට මම දකින්නේ පැරණි ගීතයට වඩා නව තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච සංගීතය ඒ ගීතයට අමුතුම රසවින්දයක් එක් කරන එක. මම දකින විදිහට පැරණි ගිත දැන් ගොඩ දෙනෙක් අහනවා අඩුයි. නමුත්, පැරණි ගීතය අලුත් විදිහට නිර්මාණය වුණාම ඒ ගීතය අහන පිරිස වැඩියි. පැරණි ගිතයට හානියක් නොකර අලුත් පරපුරට ගැළපෙන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරලා කවර් ගීත කරනවා නම් මම හිතනවා අපිට පැරණි ගීත ආයෙත් මිනිස්සු අතර ජනප්‍රිය කරවන්න පුළුවන් කියලා.
 
අලුත් වසරේ ගීත ගායනයට ඔබ දෙන දායකත්වය කොහොමද?
ගිටාර් වර්ෂන් එකෙන් පස්සේ මගේ අලුත් ගීතයක් එන්න තියෙනවා මේ වසරේ. ඒ ගීතයේ මූලික පටිගත කිරිම් සියල්ල අවසන් කරලා තියෙන්නේ. ඩිල්ෂාන් එල්. සිල්වා තමයි මේ අලුත් ගීතයේ ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ. පද රචනය නුවන් ගුණතිලකගෙන්. මේ දවස්වල එහි රූප රචනාවේ වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. මම හිතනවා අප්‍රේල් මාසය වෙද්දි මේ ගීතය නිකුත් කරන්න පුළුවන් වේවි කියලා. ඊට පස්සේ තිරණය කරනවා මේ වසරේ කෙරෙන අනෙකුත් නිර්මාණ කටයුතු ගැන. ගොඩක් වෙලාවට මම ගීතයක් නිකුත් කළාම යම් කාලයක් ගන්නවා ඊට පස්සේ කරන ගීතය එළිදක්වන්න. ඒ හින්දා වසරකට මා විසින් නිකුත් කරන්නේ බොහෝම අඩු ගීත ප්‍රමාණයක් කිව්වොත් හරි.
 
දැන් ඔබ රඟපාන්නේ නැද්ද?
නැහැ දැන් මම රඟපාන්නේ නැහැ. මොකද, මම කැමතියි එක පැත්තක් විතරක් කරගෙන ඒ ගමනේ සාර්ථකත්වයක් ලබාගන්න. ගායිකාවක් විදිහට මම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන්ම ඉදිරියට යන්න තමයි දැන් මම හිතාගෙන ඉන්නේ. බොහෝ විට ආයේ මම රඟපාන්නේ නැති වෙයි කියලා හිතෙනවා.
 
සංවාදය : බුද්ධික සේනාධීර
Back to top
Go to bottom

Popular News