lan englan tam

පුවත්

චමල් අකලංකගේ සිනමාගමනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමල් අකලංක පොල්වත්තගේ ජනප්‍රිය වන්නේ ශ්‍රී ලංකාවේ 'රැස' පුවත්පත් පාඨකයා සහ ෆේස්බුක් සමාජ ජාලයේ ඔහුගේ ලියවිලි කියවන පාඨකයින් අතරය. එහිදී චමල්ගේ රසවත් ලියවිලි බොහෝ කලක් මුළුල්ලේ කියවූ බොහෝ දෙනෙකුට ඔහුගේ සිනමාගමනය බලාපොරොත්තුසහගත ආරංචියක් වනු ඇත. මේ චමල් ඒ පිළිබඳව තැබූ සටහනයි.

 චිත්රපටියක් කරන්නයි යන්නෙ ෆ්රෙන්ස් 🤟

1970 - 90 දශකයන්හී සිදුවූ සත්ය සිදුවීම් පදනම්කරගෙන නිර්මාණයවන, Crime / Thriller ෂානරයට අයත් "FATHER" සිංහල චිත්රපටයේ මුහුරත් උළෙල පසුගිය 6 වෙනිදා කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්වුණා.
මෙම චිත්රපටය චමින්ද ජයසූරිය විසින් අධ්යක්ෂණය කරනු ලබනවා. නිශ්පාදනය - ශාන්ත ගීතදේව,
පිටපත - චාමර ප්රසන්න කොඩිතුවක්කු, කැමරා අධ්යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න, ප්රීතික හේවාපතිරණ, දෙබස් - විමල් කැටිපෙආරච්චි, ගීත රචනය - විමල් කැටිපෙආරච්චි, අනූ සිවලිංගම්, සංගීතය - චින්තක ජයකොඩි, කලා අධ්යක්ෂණය - ධම්මික හේවාදුවත්ත, වේශනිරූපනය - ප්රියන්ත වන්නිනායක ආදී ක්ෂේත්රයේ ප්රවීණ ශිල්පීන් මේ සඳහා කැමරාවට පිටුපසින්ද,
සෞම්ය ලියනගේ, පූජන දන්දෙණිය, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි අශෝකමාලා, ෂේවියර් කණිෂ්ක, සනත් විමලසිරි, මනෝජා ප්රනාන්දු, ෂ්යාම් ප්රනාන්දු, අංජන ප්රේමරත්න ඇතුළු ශිල්පීන් විශාල ප්රමාණයක් මේ චිත්රපටයට රංගනයෙන් ද දායකවනවා.
තිරපිටපතේ නිර්මාණ සංවර්ධන කටයුතු, (Script Doctoring, Concept developing) සහ අධ්යක්ෂක සහයක (D/A) ලෙස මා ද මේ සඳහා දායකත්වය ලබා දෙනවා.
මේ ක්රියාන්විතය වසර ගණනාවක් තිස්සේ බලා සිටි සාමූහික ප්රයත්නයක ප්රථිඵලයක්. රූපගත කිරීමේ කටයුතු ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතයි.
අපි බලාසිටිමු. 🤟
Back to top
Go to bottom

Popular News