lan englan tam

පුවත්

ලෙස්ටර් හිටියා නම් රවීන් අතාරින එකක් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මම සාමාන්‍යයෙන් අතීත කලාව කියන එකට අන්තවාදී නෑ . හැබැයි ඒත් අවංකවම මට හිතෙනව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් , ආචාර්ය ධර්මසේන පතිරාජ , වසන්ත ඔබේසේකර , ආචාර්ය තිස්ස අබේසේකර වගේ අධ්‍යක්ෂකවරු අදටත් නිර්මාණ කරණයේ නියුතුව හිටියා නම් තමන්ගෙ නිර්මාණවලට රවීන් කනිෂ්ක වගේ අයව අනිවාර්යයෙන්ම යොදා ගනීවි කියල . ( මට අනුව නම් බාර ගන්න projects අවුල් වුනාට රවීන් හොද විභවයක් තියෙන නළුවෙක් )

කොටින්ම අද ලංකාවෙ Main Stream නොවන Niche Markets Target කරන නිර්මාණකරුවන්ගේ ( චිත්‍රපට වගේම ටෙලි අධ්‍යක්ෂකවරුන්ගේ ) බරපතලම අවුල තමයි තමන්ගෙ නිර්මාණවල මහා ආටිස්ටික් මෙව්ව එකක් තියෙනව කියල පෙන්වන්න Niche Market චිත්‍රපටවලටම , ටෙලිවලටම ලඝු වුණු එකම Cast එකක් ගන්න එක . නළුවො හිග කම එක්ක ඒම ගත්තට අවුලක් නෑ ඒත් People's Attraction එක සැරටම තියෙන Stars Reject කිරීමයි අවුල !
ඔව් ! - Hollywood වගේ Film Culture එකක Main Stream & Niche Market චිත්‍රපටවලට Specific නළු නිළියො වෙන වෙනම ඉදීම කොහෙත්ම ප්‍රශ්නයක් නෑ.මොකද ඒ සිනමා සංස්කෘතිය ඇතුළෙ Niche Market එකේ Commercial Success එකට Main Stream එකේ නිතර දෙවේලේ දකින්නැති නළු නිළියො යොදා ගැනීම සැලකිය යුතු මට්ටමින් බලපාන්නෙ නෑ මං දන්න තරමින්. ( බලපාන්නෑ කියනව neme ) නමුත් ලංකාව වගේ රටකදි ඒක ඒම කිරීමෙන් වෙන්නෙ Niche Market Cinema ව Commercially Unsuccessful වීමට අමතරව ජනතාව අතරටවත් නොයන එක !
#අනියමාර්ථ
#එච්_ඒ

එච්.ඒ. කුලරත්න සිනමාවේදීන් සමූහයට සැකසූ ලිපියකි.

Back to top
Go to bottom

Popular News