ටෙලි සිනමා පිටපත් රචිකා පවිත්‍රා රූපසිංහ විසින් රචිත කුළුඳුල් නවකතාව වන “ෆස්ට් ක්ලාස්” කෘතිය දොරට වැඩීමේ උත්සවය,
2025 සැප්තැම්බර් මස 12 වනදා, සවස 3.00 ට, කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සිනමාවේදී නීල් රූපසිංහ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන අතර ප්‍රධාන දේශන සමබිම පක්ෂයේ නායක, දේශපාලන හා කලා විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් සහ දේශපාලන හා කලා විචාරක විදර්ශන කන්නංගර විසින් පවත්වන්නට නියමිතයි.
එදිනට මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කතුවරිය ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

මතු දැක්වෙන්නේ “ෆස්ට් ක්ලාස්” කෘතිය පිළිබඳව සමබිම පක්ෂය (Samabima Party) විසින් තබනු ලැබූ මූලික සටහනකි.
(උපුටා ගැනීම)
ෆ්ස්ට් ක්ලාස්
පවිත්‍රා රෑපසිංහගේ ප්‍රථම නවකතාව වු "ෆස්ට් ක්ලාස් " හි අවධාරණය වන්නේ නිසි අධ්‍යාපනයක් නොලබා පන්ති සමාර්ථයක් ලබා ගැනීමේ ලිංගික ක්‍රමවේදයයි. මහාචාර්යවරයාට තම ස්වභාවික ශරීරය පුදා පන්ති සාමාර්ථ ලංකාවේදි ලබාගත හැක .
ලංකා විශ්වවිද්‍යාල බොහොමයක ගුරුවරුන් යනු ගමෙන් නගරයට ආ , ස්වාභාවික ලිංගික සබඳතා වලට ඇබ්බැහි වු පිරිසක්ය. ඔවුන්ට virtual sex අරහංය .ඒවා ඔවුන්ට කෘතීමය .
ලංකාවේ බොහෝ සමාජ ප්‍රශ්න යට ඇත්තේ ලිංගික රසය පිළිබඳ මේ ස්වාභාවික උමතුවයි.
නමුත් අනතුරුදායක නොවන ලිහිල් - ලිබරල් ලිංගික සබඳතා සඳහා ඩිජිටල් තාක්ෂණය රැඩිකල් පුරෝගාමී විසඳුමක් අපට ලබා දී ඇත.
එහිදී සිදුවන්නේ "ශරීරය " සමතික්‍රමණය කර තත්‍යසමාන සුහුරු තිරයක් මත සුහුරු කොන්ඩෝම හරහා ආශාවල් වයර් කර එකිනෙකාගේ මොල අතර පරිපථකරණය කිරීමයි .
එවිට පසුගාමි සංස්කෘතික අගතීන්හි නොපැටලී ලිංගික ශුක්‍රාණු සුහුරු තිරයක් මත තැවරීමේ ප්‍රජාතන්ත්‍රවාදී හැකියාව පිරිමින් හට ලැබෙනු ඇත .
එවන් අනාගත දවසක "කුමුදු එරාෂ්ඨකයෙන් " අත්මිදීමට නුතන විශ්ව විද්‍යාල පවුල් වල ශිරාණි ලාට හැකි වනු ඇත .
ඉතුරුටික දැන ගැනීමට 13 වනදා පුස්තකාල ප්‍රලේඛන මධ්‍යස්ථානය ට එන්න !
( සටහන උපුටා ගැනීම 'Samabima Party' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)
















