ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවිණයෙකු වන ලාල් හෑගොඩ විසින් රචිත ඔහුගේ නවතම ග්‍රන්ථය වන “කෘත්‍රිම බුද්ධිය රජ කරන ලොව කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කල ඡායාරූප බිඳක්” දොරට වැඩීමේ උත්සවය,
2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා, සවස 3.00 ට, කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
එදිනට මහාචාර්ය සරත් විජේසූරිය, දෘශ්‍ය කලා විචාරක බූපති නලින්, ඡායාරූප උපදේශක විජය බස්නායක, ජනාධිපති මාධ්‍ය උපදේශක අනුරුද්ධ ලොකුහපුආරච්චි යන අය සභාව අමතන්නට නියමිතයි.
මෙහෙයවීම බන්දුල නනායක්කාරවසම් විසිනි.
එදිනට මෙම අවස්ථාවට සහභාගී වීමට මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ සැමට කතුවරයා ආරාධනා කොට සිටිනවා.

















