නන්දන වීරරත්න විසින් රචිත "රට වැනසූ 83 කළු ජූලියේ දින හතක් " කෘතිය සහ මනෝරන්ජන් විසින් රචිත එහි දමිළ පරිනිර්මාණය ජනගත කිරීමේ සම්මන්ත්‍රණය,
2025 ඔක්තෝම්බර් 9 වන බ්‍රහස්පතින්දා, සවස 3.00 ට, කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
එදිනට, සම්මන්ත්‍රණයේ මුලසුන විදර්ශන කන්නන්ගර විසින් දරන අතර ප්‍රධාන දේශනය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම මෙම අවස්ථාවේදී නිර්මාල් රංජිත් දේවසිරි, පෙරියසාමි මුත්තුලිංගම්, ගීතිකා ධර්මසිංහ, ශ්‍රීදරන් තිරුනාවුකරසු, කපිල ක්‍රිශාන්ත යන අය අදහස් දක්වනු ඇති.
සංවිධානය - ජනබල සාමූහිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සදහා වන ජාතික ව්‍යාපාරය විසින්.

















