ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් සිදු වන, වාර්තාමය වැඩසටහන් නිෂ්පාදනය (Documentary production) පිළිබඳ එක් දින වැඩමුළුවක්,
2025 ඔක්තෝබර් 16 වන බ්‍රහස්පතින්දා, පෙ.ව 9.00 සිට - ප.ව 4.00 දක්වා, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මෙදින වැඩමුළුව සඳහා සිනමාවේදී ප්‍රසන්න විතානගේ (සවස 1.00 -4.00) දක්වාද, කැමරා ශිල්පී මහින්ද අබේසිංහ (උදෑසන 9.00 - දහවල් 12.00) දක්වාද සම්පත් දායකත්වය ලබාදෙන්නට නියමිතයි.
වැඩමුළුව මෙහෙයවීම ටෙරෝෂනී දහනායක විසින් සිදු කරනු ලබනවා.
මෙය සංවිධානය කරන්නේ රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ (රූපවාහිනී අධ්‍යයන අංශය) විසින්.
ඇතුළුවීම නොමිලේ.
ස්ථානය නිවැරදිව දැනගැනීමට පහත ඡායාරූපයේ QR Code එක Scan කරන්න.

















