lan englan tam

අතන මෙතන

'වසිලිස්සා වැස්සේ' තෙමෙන්න ජන.10 ගම්පහ එන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhalaලේඛක - පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ ප්‍රගීතිකා ජයසේකර ගේ 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.

කතාබහ 2026 ජනවාරි 10 වෙනි සෙනසුරාදා, උදේ 10.00 ට ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනේදී පැවැත්වෙනවා.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්:https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

 

මෙදිනට කිවිවර සුනන්ද කරුණාරත්න, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, ළහිරු කරුණාරත්න සහ උපෙකලා අතුකෝරළ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි. කාව්‍ය ඉදිරිපත් කිරීම අරෝෂා සමරදිවාකරගගෙන්.

මෙවර පැවැත්වෙන 89 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසින්.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරනවා.

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය මිලදී ගන්නත් හැකියාව තිබෙනවා.

ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

සංවිධානය - ‘The Asian Review Sinhala’

වැඩි විස්තර  සඳහා පිවිසෙන්න ‘The Asian Review Sinhala’ නිල ෆේස්බුක් පිටුව වෙත.

 

611260849 122222251994098313 2072950075507840377 n

 

kemadasa

shungara

Back to top
Go to bottom