lan englan tam

O Oපේ

කැමරාවේ සටහන් වූ අනියම් පෙමේ වීඩියෝවෙන් පසු ඇස්ට්‍රෝනොමර් CEO ට අනිවාර්ය නිවාඩු දෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමරිකාවේ බොස්ටන් නුවර පසුගියදා (16) පැවති ‘කෝල්ඩ්ප්ලේ' සංගීත කණ්ඩායමේ  ප්‍රසංගයක් අතර තුර එය නැරඹීමට පැමිණි යුවළකගේ වීඩියෝ දසුන් ප්‍රසංගයේ දැවැන්ත තිරය මත දිස් වීමත් සමඟ නිර්මාණය උනේ කවුරුත් නොසිතූ සිදුවීමක්.

ප්‍රසංගයේදී ‘කෝල්ඩ්ප්ලේ’ සංගීත කණ්ඩායම "The Jumbotron Song" ගයමින් සිටියදී මෙම යුවළ එකිනෙකා වැළඳගෙන වේදිකාව දෙස බලා සිටි ආකාරය දිස්වූ අතර, ප්‍රසංගයේ දැවැන්ත තිරයේ ඔවුන් දෙදෙනා දිස්වීමත් සමග ඔවුන් වහාම වෙන් වී මුහුණු වසා ගැනීමට උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබුනා.

"අනේ බලන්න මේ දෙන්නා!" "ඔවුන්ට සම්බන්ධයක් තිබෙනවා හෝ ඔවුන් ඉතා ලැජ්ජාශීලීයි." යන්නෙන් කෝල්ඩ්ප්ලේ ප්‍රධාන ගායක ක්‍රිස් මාටින් (Chris Martin) විහිළු සහගත අන්දමින් කළ ප්‍රකාශයක් ද වීඩියෝවට ඇතුළත් වේ.

පසුගිය දින කිහිපයේම මෙම සිදුවීම ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය වල වේගයෙන් සංසරණය වන්නට පටන්ගත්තා.

මෙම වීඩියෝ දසුන් වලින් පෙන්වූ පිරිමි පුද්ගලයා ඇමරිකානු 'tech' සමාගමක් වන ඇස්ට්‍රෝනොමර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ඇන්ඩි බයිරන් බවත් ඔහු වැළදගෙන සිටින්නේ ඔහුගේ බිරිඳ නොව වෙනත් කාන්තාවක් බවත් පසුව අනාවරණය උනා.

ඒ වගේම ඔහු සමග සිටි කාන්තාව ක්‍රිස්ටියන් කැබොට් නැමති තැනැත්තිය බවත්, ඇය ඔහුගේ අනියම් පෙම්වතිය වන බවත් සදහන් උනා.

ක්‍රිස්ටියන් කැබොට් එම සමාගමේම මානව සම්පත් අංශයේ ප්‍රධාන නිලධාරිනිය බවත් සදහන්.

ඉතින්, මේ සිදුවීමෙන් දින දෙකකට පස්සේ ඇස්ට්‍රෝනොමර් සමාගම විසින් එහි ප්‍රධාන විධායන නිළධාරියා උන ඇන්ඩි බයිරන්ව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කරලා තියෙන බව වාර්තා වෙනවා.

18 වෙනිදා  ඇස්ට්‍රෝනොමර් සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සමාගමේ සම-ආරම්භක සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි (Pete DeJoy)  තාවකාලිකව අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇති බවයි.

නිව්යෝර්ක් පාදක කරගත් මෙම සමාගම, LinkedIn හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සිය සමාගම ආරම්භයේ සිටම මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතිය වෙනුවෙන් කැපවී සිටින බවත්, සිය නායකයින්, හැසිරීම් සහ වගවීම යන දෙකෙහිම ප්‍රමිතීන් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මෙම කාරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි සඳහන් උනා.

එමෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් සහ මානව සම්පත් ප්‍රධානී ක්‍රිස්ටින් කැබට් (Kristin Cabot) සම්බන්ධ සිද්ධියේදී සේවිකාවක වන ඇලිසා ස්ටොඩාර්ඩ් ද (Alyssa Stoddard) වැරදි ලෙස හඳුනාගෙන ඇති බවත්, ඇය ඊට සහභාගී වී නොමැති බවත් ඇස්ට්‍රොනොමර් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එසේම වෙනත් කිසිදු සේවකයෙකු ඊට සහභාගීව නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ඇන්ඩි බයිරන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර එසේ සඳහන් වන වාර්තා සියල්ලම අසත්‍ය බවත් ඉන් අවධාරණය කර තිබෙනවා.

ඉතින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ මේ සිදුවීම නිසා සමාජයේ සේවා ස්ථානවල ගොඩනැඟෙන සම්බන්ධතා, ආචාර ධර්ම සහ වෘත්තීයභාවය පිළිබඳව පුළුල් කතාබහක් ද නිර්මාණය කරන්න සමත් වෙලා තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom