lan englan tam

“දීර්ඝායු වේවා සිරිල් අයියෙ. ආලේ නොකරා බැරි මිනිහෙක්”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කාලාකරු, ප්‍රතිභාපූර්ණ චරිතාංග නළු සිරිල් වික්‍රමගේ මුණගැසෙන්න පසුගිය දිනෙක අමාත්‍ය අචාර්ය සුනිල් සෙනෙවි ගොස් තිබුණා.

ඉතින්, මේ වෙන කොට 93 වෙනි වියේ පසුවෙන මේ ප්‍රවීණ කලාකරුවාගේ සැප දුක විමසා බලන්න ඔහු කටයුතු කරලා තිබුණා.

අචාර්ය සුනිල් සෙනෙවි මේ ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අපූර්ව සටහනක් ද එක් කරලා තිබුණා.

මතු දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූප පෙළයි.

( උපුටා ගැනීම) 

දයාබර සිරිල් අයියා බැහැ දකින්න ගියා.

සිරිල් වික්‍රමගේ කියන්නෙ මහා නළු පරපුරේ දැවැන්තම චරිතයක්. අවුරුදු 93 යි.

පුදුම ලස්සන මූණක් හිනාවක් දන්ත කල්‍යාණයක් තිබුණේ . දැක්කොත් පත්මාවතී සාද ගීයේ සැහැල්ලුව හා සිනිඳු සුදුමුතු ගීයේ සියුම් භාව එක ම සත්සමුදුරේ රළ නැගුවා. හඳුනා ගත්තොත් ඔබ මා කියලා ඒ පරපුර ඇහුවා. ඇත්තට ම එයාලා අඳුනා ගත්තා ද අපි...

එයා කුරුණෑගල . 1963 විදුදය ශාස්ත්‍රවේදී උපාධිය. පලන්නොරුවේ විමලධම්ම මහා නා හිමි විශ්වවිද්‍යාලයාධිපති. ඒ කියන්නෙ උපකුලපති. කොළඹ සරසවි ඩිප්ලෝමාව. ඊළඟට ගුරු වෘත්තිය . කොළඹ වෙස්ලි..රත්මලානෙ ගොළුමඩම..කුරුණෑගල ලක්දාස් වගේ ඉස්කෝලවල සිංහල ...සංගීතය හෙම ඉගැන්නුවේ. ඇයි නුවර සිරිල් පෙරේරා ගුරුතුමාගේ ගෝලයෙක්නෙ.

විජේ..කොස්තා..කලං..තෙන්නෙ..මාලිනී හා පතී...ආදී කල්පිටියට ආ බඹරුන්ගෙන් ශේෂ වූ සම්පත.

දීර්ඝායු වේවා සිරිල් අයියෙ. අක්කා ආදරෙන් ඔබ ව බලා ගන්නවා. ආලේ නොකරා බැරි මිනිහෙක්.

 

541675403 3234671306689086 3302417260009381744 n

541089357 3234671413355742 9115476441600139984 n 1

540748276 3234671316689085 6792577388539670656 n 1

542503658 3234671403355743 5792654243213900916 n

541441303 3234671433355740 7174078814779908533 n 1

540965750 3234671353355748 4446283555923498686 n 1

540238309 3234671343355749 6173916536686482450 n

540508240 3234670856689131 5427244912240641269 n 1

 

සටහන සහ ඡායාරූප උපුටා ගැනීම 'Hiniduma Sunil Senevi' ෆේස්බුක් පිටුව ඇසුරිනි.

 

kemadasa

shungara

Back to top
Go to bottom