-Malintha Vithanage-
ලව් එෆෙයාර් කැඩුනාම, බූට් කෑවාම මිලේනියල්ස්, ජෙනරේෂන් Z වගේ පරම්පරාවේ පිරිම්න්ට අඬන්න පුරුදු කළේ ෂාරුක් ඛාන්ගේ වීර් සාරා, චල්තේ චල්තේ වගේ ෆිල්ම්ස්.
ෂාරුක්ගේ රොමැන්ටික් ෆිල්ම්ස් බලපු ඒ පරම්පරාවට අද වගේ යුට්යුබ්, වට්ස්ඇප්, ෆේස්බුක්, ටික්ටොක් ඔය මුකුත් තිබුනේ නෑ. ෂාරුක්ගේ රොමැන්ටික් ෆිල්මි අස්සේ හිටියේ අහිංසක ළාමක පොඩ්ඩ ඇත්නම් දුක හිතෙන ප්‍රේමවන්තයෙක්. ගෑනු වගේ අඬන පිරිමි දැක්කේ ෂාරුක්ගේ ෆිල්මිවලින්.
හැබැයි ඒ ප්‍රවණතාව දැන් කැඩිලා බිඳිලා 'සෙයියාරා' වගේ ජෙනරේෂන් ඇල්ෆා පරම්පරාවට අනුගත වෙච්ච පොඩ්ඩ ඇත්නමි කේන්ති යන, ගංජා උරන, සෝෂල් මිඩියාවලට ඇබ්බැහි වුන ප්‍රේමවන්තයාගේ භුමිකාවට ඇවිත්. පහුගිය කාලේ සෑහෙන සෝෂල් මීඩියාවලින් දැක්කා 'සයියාරා' බලන ඉන්දියාවේ කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් හොටුපෙරාගෙන අඬනවා. ඒ කොල්ලෝ කෙල්ලෝ නියෝජනය කරන්නේ අර මම කියුව 2000 දශකයෙන් ඉපදුන පරම්පරාව.

ඒ අඬන ඇඬිල්ලට හෝල් එකට ගිහින් ෆිල්මි එක බලන එකත් එපා වුන නිසාම වෙබ් කොපි එක ආවම බලන්න ඔින කියලා හිතුනා. ඇත්තටම සෙයියාරා වගේ ෆිල්මි එකක් බලපුවාම තේරුම් ගියේ දැන් රොමැන්ටික් ශානරයේ බොලිවුඩි ෆිල්ම් හදන විදිය, සිංදු, කතා කොච්චර වෙනස් වෙලාද? කියලා. සමාජ පරිවර්තනයත් එක්ක Romantic ශානරයේ Storytelling කියන ශිල්පය යුගයෙන් යුගයට යාවත්කාලීන වෙනවා.
ඒ කොහොමවෙතත් 'සෙයියාරා' මාව එතරමින්ම ආකර්ෂණය කරගත්තේ නෑ. සාමාන්‍ය මට්ටමේ රොමැන්ට්ක් ෆිල්මි එකක් මිසක කියන තරම් මහලොකු WoW එකක් නෑ. මාව දැඩිව ආකර්ෂණය කරගත්තේ සිංදු ටික. නැවත නැවත අහන්න හිතෙන සිංදු ටික නම් පුදුම ලස්සනක් තියෙන්නේ. කතාවත් වරදක් නැහැ. අලුත් කොල්ලෙකුයි, ලස්සන කෙල්ලෙකුයි දාලා ලස්සන සිංදු ටිකක් එක්ක හදපු සාමාන්‍ය මට්ටමේ රොමැන්ට්ක් ෆිල්මි එකක්.
ෆිල්මි එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බොලිවුඩි සිනමාවේ ආකර්ෂණීයම සහ මතක හිටින රොමැන්ටික් ෆිල්මි පෙළක් ප්‍රේක්ෂකාගාරයට දායාද කරපු මොහිත් සූරි විසින්. මොහිත් සූරිගේ මුද්‍රාව ෆිල්මි එක ඇතුළේ දකින්න පුලුවන්. ඔහු වඩාත් කැමති සංගීතමය ශානරයේ චිත්‍රපට හදන්න. මොහිත් සූරි කාලයෙන් කාලයට ජෙනරේෂන් ටු ජෙනරේෂන් අප්ඩේට් වෙන මනුස්සයෙක්. මොහිත් කරපු රොමැන්ටික් ෆිල්ම්වලින් මාව අදටත් දැඩ්ව ෂොක් කරන ෆිල්මි එක වෙන්නේ 'ආශිකි 2'. මොහිත්ගේ මාස්ටර්පීස් එක තමයි 'ආශිකි 2' කියන්නේ.
මම හිතන්නේ මොහිත් අතින් ඒ වගේ ෆිල්මි එකක් නැවත හැදෙන එකක් නැහැ. 'ආශිකි 2' ෆිල්ම් එකේ මියුසික් ඇල්බම් එකම තනිකරම පරම්පරාවක්ම පිස්සු වට්ටපු ඇල්බම් එකක්. 'සයියාරා' ෆිල්මි එක හොඳයි. අලුත් පරම්පරාවේ කොල්ලො කෙල්ලන්ට නම් ඉතින් ෆිල්මි එක අල්ලලා යාව්. හැබැයි සමාජ මාධ්‍ය කළඹන තරමේ භීෂණයක් නම් ඇති වෙන කතන්දරයක් නම් ෆිල්මි එකේ නැහැ කියලා කියන්නත් ඔින. මොහිත් සූරිගේ රොමැන්ටික් ෆිල්මි බලන්න කැමති අය අනිවාර්යයෙන්ම බලන්න. හොඳ ප්‍රඩක්ෂන් එකක්.

සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















