පසුගිය සෙනසුරාදා (01) පැවැති 44 වන සිග්නීස් ටෙලි- සිනමා සම්මාන උළෙලේදී ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් “සම්පත් ජයවීර” (2023) වර්ෂය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
දශක තුනකට ආසන්න කාලයක් ටෙලි නාට්‍ය, සිනමාව, වේදිකා නාට්‍ය යන අංශ තුනේම සිය රංගන කුසලතාව ප්‍රකට කරන අති දක්ෂ රංගන ශිල්පියෙකු වන සම්පත් ජයවීර සිය රංගන දිවියේ ලැබූ ප්‍රථම සිනමා සම්මානය මෙය වීමද විශේෂත්වයක්.
ඉතින්, සිය ප්‍රථම සිනමා සම්මානය පිළිබඳව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක්ද එක් කර තිබුණා.
මතු දැක්වෙන්නේ එම සටහනයි.
(උපුටා ගැනීම)
පළමු සිනමා සම්මානය...
2023 වසරේ තිරගතවූ " රහස් කියන කඳු Whispering Mountains Rahas Kiyana Kandu " චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස සම්මානයට හිමිකම් කියන්නට හැකිවුණා... 27 වසරක රංගන අභ්‍යාසයේ සිනමා සම්මානයකට හිමිකම් කියූ පළමු අවස්ථාව..
මුලින්ම මම මට ස්තූතිවන්ත වෙනව අමාරුම අවස්ථාවල් වලත් මෙය අත්නොහැර අල්ලගෙන ඉන්න මට පුලුවන් වීම ගැන... ජගත් මනුවර්ණ ඇතුළු චිත්‍රපටය වෙනුවෙන් දහඩිය කඳුළු හැලූ හැමෝටම මගේ ආදරය ..
ඊයේ මා රඟපාන " මම නෙවෙයි වෙන කෙනෙක් " නාට්‍ය මාතර වේදිකා ගතවූ නිසා මට සම්මාන උලෙළට සහභාගි වෙන්නට නොහැකි උනා. මා වෙනුවෙන් සම්මානය ලබාගත්තෙ ආදරණීය Pradeep Chandrasiri අයියා.. එයා තමා ඔය ඦායාරූපයේ දුවනව වගේ ඉන්නෙ.. ඒක මගෙ අතට රෑම ගෙනත් දුන්නෙ මගේ සදාකාලික මිත්‍ර Priyantha Dissanayaka .. ඊයෙ රාත්‍රියේ සම්මාන උලෙළේ සිටම දුරකථණයෙන් සමාජ මාධ්‍යයෙන් නොකඩවා එන සුභපැතුම් වලට මගේ ආදරය ...
( උපුටා ගැනීම අවසන්)
මතු දැක්වෙනේනේ මීට වසරකට පෙර රංගන ශිල්පී සම්පත් ජයවීර ‘mirror arts’ සමග එක් වූ රසවත් කතාබහක්.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්.
















