-Lakmina Ranasinghe-
නළුවන්ට වඩා නිළියන්ට එල්ලවෙන සංස්කෘතික සහ ජීව විද්‍යාත්මක අභියෝග අනන්තයි අප්‍රමාණයි මිත්‍රයා.
ලෝක ඉතිහාසයේ හිටපු අතිශය ජනප්‍රිය, ග්ලැමර් එක ඉතිරෙන බොහෝ නිළියන්ගේ ජීවිත ඇතුළාන්තය අපි හිතන තරම් සුන්දර නෑ. ඒත් සමහරු ඒ හැම අභියෝගයක්ම සුන්දර විදිහට ජයගත්තා.
මේ වෙලාවෙදි ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය තරුණ නිළි තරු ලිස්ට් එකක් හැදුවොත්.., ශලනි, උදාරි, මිෂෙල්, නිහාරි, රොෂෙල්, චුලක්ෂි, ශනුද්‍රි, දුෂේනි, දිනක්ෂි, තරින්දි, රශීප්‍රභා සහ තවත් කිහිප දෙනෙක් උඩින්ම ඉන්නවා.
මේ අතරින් බොහෝ නිළියන්ට විවිධ කාලවකවානුවලදී විවිධ හේතු නිසා දැඩි මඩ ප්‍රහාර, චෝදනා, අපවාද එල්ල වුනා සහ පෞද්ගලික ජීවිතේ ලොකු අභියෝග ආවා මිත්‍රයා. පටාචාරාටවත් වෙලා නැති විදිහේ ඛේදවාචකවලට සමහරු මුහුණ දුන්නා. ඒත් ඒ අය අතරින් සමහරු ඒ ප්‍රහාරවලට සහ අභියෝගවලට තමන්ගේ හැකියාවෙන් උත්තර දුන්නා සහ දැනටත් සාර්ථකව උත්තර දෙමින් ඉන්නවා.
ජනප්‍රිය කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතේ කුණු රස අවුස්සන එකේ අමුතුම ලල් එකක් අපි හැමෝටම තියනවා. ඒක තමයි මහත්තයෝ සමහරුන්ට තියන එකම විනෝදෙ. මේ මඩ මාතෘකාවෙදි ප්‍රියසාද් පවුලෙ කෙල්ලො තුන්දෙනා තරම් මඩවලට මුහුණ දුන්න පවුලක් කලාව ඇතුළෙ නැති තරම්. ඒත් ඒ තුන්දෙනාම දැන් වෙනස්ම සුපිරි ගේමක් ගහනවා කියලා පේන්න තියනවා මිත්‍රයා.
ඔය පවුලෙ ඉන්න දිනක්ෂිට ගොඩක් කාලයක් තිස්සෙ සොරි ඩොට් කොම් වෙන්නම මඩ ගැහුවා. 2025 දී සරසවි, සුමති සහ රයිගම් උළෙලවල්වල වාර්තාගත විදිහට ජනප්‍රිය නිළිය සම්මාන ලැබෙනවත් එක්කම දිනක්ෂිට එල්ලවෙන සයිබර් ප්‍රහාර ආයිත් අලුත් වුනා.
ඉස්සර නම් දිනක්ෂිගේ සීනිබෝල රඟපෑම් සහ සමාජ මාධ්‍යවල ප්‍රතිචාර දක්වපු විදිහත් එක්ක, තමන්ට ප්‍රහාර එල්ල කරන අයට නොමිලේම හොඳ ටාගට් එකක් හදලා දුන්නා සහ හොඳ මඩ පාරවල් ටිකක් කෑවා. අත්දැකීම් අඩුකම නිසා එයා කරපු සමහර දේවලුත් ඒකට බලපෑවා. ඒත් දැන් ඒ මඩවලට දිනක්ෂි තමන්ගෙ අත්දැකීම් ආශ්‍රිත හැකියාවෙන් කණ පැලෙන්න උත්තර දීලා ඉවරයි මිත්‍රයා.
ක්ලැරන්ස් ෆිල්ම් එකේ ඉන්ද්‍රානිගේ චරිතය කරන්නෙ දිනක්ෂි කියලා ප්‍රචාරය වෙනවත් එක්කම, දිනක්ෂි ඇතුළු ත්‍රී සිස්ටස්ලට මහා මඩ සුනාමියක් ආවා. ඒත් දිනක්ෂි ඉන්ද්‍රානිගේ චරිතය සාර්ථකව කරපු නිසා අර කලින් එල්ල වුන මහා මඩ සුනාමිය හේදිලා ගියා. ඒ වගේම එක වහලක් යට, ටේක් කෙයා, පිරිමි ළමයි, පට්ටි ගෙදර නිර්මාණවලින් ඩීප් එන්ඩ් එකට බැහැලා දිනක්ෂි තමන්ගෙ ටැලන්ට් එක දොඹෙන් පෙන්නුවා.
සුමති ටෙලි සම්මාන උළෙලේදී චාන්දනී, තරින්දි සහ රෙබෙකා කියන අති දක්ෂ සුපිරි වර්ගයේ රංගන ශිල්පිනියන් එක්ක හොඳම නිළිය විදිහට දිනක්ෂිව නිර්දේශ වීම තමයි දිනක්ෂිගේ රංගන හැකියාව වෙනුවෙන් ලැබුන හොඳම ඇගයීම! ඊට අමතරව සිග්නීස් සම්මාන උළෙලේ ඇය හොඳම නිළියත් වෙනවා.
සයිබර් ලෝකෙදි සහ කලා ලෝකෙදි ඇඩ්‍රිනලීන්වලට සහ ස්පොන්ටේනියස් ඉමෝෂන්වලට ඉඩ නොදී ඉන්නෙ කොහොමද කියලා Dinakshie දැන් ටික ටික දැනගෙන ඉන්න බවක් පේනවා.
ප්‍රියසාද් පවුලේ ඊළඟ ටැලන්ට් එක තමයි ශනුද්‍රි. පුංචි කාලෙ ඉඳලම ටික ටික ඇක්ට් කරලා, දෙවනි ඉනිමේ සමල්කා ගෙන් පාඩම් ඉගෙනගෙන, මඩ කාගෙන, මඩ නාගෙන.., නීරා සහ මෝඩ තරිඳු වෙනකම් ශනූ ආපු ගමන හරියට මඩ සාගරයක් තරණය කරගෙන සාර්ථකව වරායට ආවා වගේ ගමනක්.
Shanudrie කරන චරිතවල ඉමෝෂන්ස් පෙන්නන විදිහ වගේම නර්ථනයෙන් සහ ගායනයෙන් වැඩ පෙන්නන විදිහ දැන් ඉහළ තැනක තියනවා. දැන් මෙහෙම නම් තව අත්දැකීම් ලැබෙද්දි ශනූගෙ දක්ෂතාව තවත් ඉහළ මට්ටමකට යන එක ශක්‍රයගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ මිත්‍රයා.
ශනූට තියන ඩිජිටල් ජනප්‍රියත්වයත් එක්ක ශනූට ගොඩක් තරහාකාරයො හ්ම්ම්ම්... විශේෂයෙන්ම තරහාකාරියො! බිහිවෙන්න නියමිතයි. ඒ නිසා ශනූට මේ ගමන හිතන තරම් ලේසි වෙන එකක් නෑ. ඒත් ශනූට තියන ලොකුම වාසිය තමයි තමන්ගේ ගමන යන්න ඕන කරන හොඳ *රෙෆරන්ස් දෙකක්ම* දෙයියො දීලා තියන එක. ඒ තමයි අක්කලා දෙන්නා.
දෙයියො දුන්න මේ දිව්‍යමය රෙෆරන්ස් දෙක නිසා, අක්කලට හරි ගිය තැන් වගේම වැරදුන තැන් ගැනත් හොයලා බලලා පරිස්සමෙන් තමන්ගේ ගමන යන්න ශනූට පුළුවන් මිත්‍රයා.
ප්‍රියසාද් පවුලේ ඊළඟ ටැලන්ට් එක තමයි ශෙෂාද්‍රි. මෙයාට ඩබිං කරන්න පුළුවන් විදිහේ නියම වොයිස් එකකුත් තියනවා. දිනක්ෂි තරම් රංගනයේ ඩීප් එන්ඩ්වලට ශෙෂාද්‍රි වැටිලා නැති නිසා තාමත් ශෙෂාද්‍රිගේ රංගනය හරියටම පොලිෂ් වෙලා නෑ. චැලෙන්ජස් ෆිල්ම් එකෙන් අමුතුම ගේමක් ගහපු ශෙෂාද්‍රි, අතරමග සමහර තැන්වල අතරමං වුනේ නැත්නම් මේ වෙද්දි මෙයා තමයි ප්‍රියසාද් පවුලේ සුපර් ස්ටාර් වෙන්න තිබ්බෙ.
ශෙෂාද්‍රිගේ ඇක්ටිං බොඩි ලැංවේජ් එක සහ එයාගෙ ළඟම DNA පූල් එකේ ඉන්න අනිත් බයොලොජිකල් ෆීමේල් ටැලන්ට්වලට සාපේක්ෂව බැලුවොත් ශෙෂාද්‍රිගේ ඇඟ ඇතුලේ ඇක්ටින් සම්බන්ධ තවත් වර්ජින් ටැලන්ට්ස් තියනවා කියලා නිගමනය කරන්න පුළුවන්. ඒවා ඉතිං එළියට ගන්න නම් *ජෑන්ත චන්ද්‍රසිරි, අනුෂ්ක රසාංජන, ලක්මාල් ධර්මරත්න (ලකා), හඳගම, ජෝ දිසානායක වගේ අන්ඕතඩොක්ස් අධ්‍යක්ෂවරුන්* යටතේ ඩීප් එන්ඩ් එකට බැහැලා දුක් විඳින්නම ඕනෙ.
දැන් ශෙෂාද්‍රි පහේ ළමයි ටෙලිඩ්‍රාමා එකෙන් ආයිත් අපි අතරට ඇවිල්ලා තියනවා. ඒත් ශෙෂාද්‍රි තාමත් තමන්ගේ ගමන් මග කෙසේ විය යුතුද කියන ලොකු පින්තූරේ (බිග් පික්චර්) හොයන ගතියක් පේනවා. ශෙෂාද්‍රිගේ ඇක්ටින් සම්බන්ධ බේසික් දේවල් හරියට තියන නිසා අනාගතේදි එයා තමන්ගෙ ලොකු පින්තූරේ ඉක්මනටම හොයාගනී කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එදාට එයා සුපර් ස්ටාර් කෙනෙක් වෙනවා මිත්‍රයා.
මේ හැම දෙයක් ගැනම ඇනලයිස් කරද්දි මට හිතෙන දේ තමයි.., හැකියාවත් තරු ගුණයත් කියන දෙකම තියන Dinakshie, Sheshadrie සහ Shanudrie කියන්නෙ අපේ කලාවෙ තියන සමහර නිර්මාණාත්මක රෝග සුව කරන්න පුළුවන් අති සාර්ථක ත්‍රිත්ව එන්නතක් කියන එක.

සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.
















