lan englan tam

මුළු රටම වෙලාගත් මායාකාරී කුණාටු තුන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හදවතට වදින නීරා!

මොළේට වදින ආයු!!

බොක්කට වදින මෝ.ත!!!

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියන විදිහට විෂ මත්ද්‍රව්‍ය නම් මායාකාරී කුණාටුව මුළු සමාජයම ආක්‍රමණය කරලා තියනවා. ඔව්... ඒ කුණාටුවෙන් අපි ඉවත් වෙන්න ඕනෙ. ඉවත් වෙනු!!

ඒත් මම දැන් මේ කියන්න යන්නෙ මේ වෙලාවෙ රට පුරා හමා යන, සිනමැටික් බව ඉතිරෙන, මායාකාරී කුණාටු තුනක් ගැන මිත්‍රයා. දැන් මුළු රටම මේ තුනට 'ලොල්' වෙලා ඉන්නනෙ. මේකෙන් ඉවත් වෙන්න දැන් අපිට බෑ.

මේ වෙද්දි රට වටේ සැරිසරන මේ කුණාටු තුනටම තුන් විදිහක ප්‍රතිචාර ලැබෙනවා. මේ මායාකාරී කුණාටු ත්‍රිත්වය තමයි ආයු, මෝ.ත. සහ නීරා.

ආයු ෆිල්ම් එක දෙපාරක් සහ මෝඩ තරිඳු ෆිල්ම් එක දෙපාරක් මම බැලුවා. නීරා ඉක්මනින්ම බලන්න හිතාගෙන ඉන්නවා.

ආයු කියන්නෙ හරිම විමසිල්ලෙන්, වාඩිවෙලා, අවධානයෙන් බලන්න ඕන, මොළේටම වදින ෆිල්ම් එකක්. ආයු බලන්න ෆිල්ම් හෝල් එකට යන්න ඕනෙ මොළෙත් අරගෙන. මොළෙන් විමසලා විඳින්න තැන් ගොඩක් ආයු ඇතුලෙ තියනවා.

 

 

මෝඩ තරිඳු කියන්නෙ, සීට් එකෙන් නැගිටලා, විසිල් ගහලා, බල්ටි ගහලා බලන්න ඕන බොක්කට වදින ෆිල්ම් එකක්. ඒත් ෆිල්ම් හෝල් එක ඇතුලෙ ඒවා කරන්න යන්න එපා මිත්‍රයා.

 

 

නීරා කියන්නෙ, තමන් ආදරේ කරන කෙනාව අනිත් පැත්ත සීට් එකේ තියාගෙන, එයාගෙ අතින් අල්ලගෙන, එයාගෙ උණුසුම විඳ විඳ බලන්න ඕන, හදවතට වදින ෆිල්ම් එකක් කියලා තමයි මට හිතෙන්නෙ. මට එහෙම හිතුනෙ නීරා ට්‍රේලර් එක, නීරා ෆිල්ම් එකේ සින්දු සහ නීරා ෆිල්ම් එකට අදාල වීඩියෝස් දැක්කට පස්සෙ.

 

 

කොහොම හරි අර කලින් කියපු විදිහේ කෙනෙක්ව හොයාගෙන ඉක්මනටම නීරා බලන්න යන්නම ඕනෙ. ඒක ඒ තරම් ලස්සනයි සහ ආදරණීයයි කියලා තමයි ගොඩක් අය මට කිව්වෙ. වෙලාවක් ලැබුන ගමන් මේ මායාකාරී නීරා කුණාටුවටත් මම අහුවෙනවා.

 

 

217650699 4757575867605043 4807348825720843340 n 1

සටහන - ලක්මිණ රණසිංහ

මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක

(creative group head publicis srilanka)

(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

shungara

Back to top
Go to bottom