lan englan tam

“Singapore International Film Festival එකේ අද ශ්‍රී ලංකාවේ නම "රිවර්ස්ටන්" වෙනුවෙන් හරි ලොකුවට බැබලුනා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ (07) දින පැවත්වුණු 36 වන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයේදී දී ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන්" චිත්‍රපටය සම්මානයට පාත්‍ර උනේ ජාත්‍යන්තර වේදිකාවක් මත ශ්‍රී ලාංකීය සිනමාව ඉහළින්ම ඔසවා තැබූ තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්.

මෙහිදී ආසියානු වෘතාන්ත චිත්‍රපට අංශය යටතේ,

විශිෂ්ඨතම අධ්‍යක්ෂණයට හිමි (Best Director award)  සම්මානයෙන් ලලිත් රත්නායක ද, විශිෂ්ඨතම රංගනයට හිමි (Best Performance) සම්මානයෙන් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ද පිදුම් ලැබුවා.

 

Mahendra and Lalith i

 

මෙම සම්මාන උළෙලේ ‘හොඳම රංගනය’ උදෙසා සම්මානය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා සමගින් නිර්දේශ වී තිබුණු අනෙක් ශ්‍රි ලාංකික රංගන ශිල්පීයා උනේ තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලකයි.

 

595058028 1538243911069776 7335056825015770517 n

 

ඉතින්, ඊයේ දින මේ ප්‍රවීණයන් සමග සම්මාන උළෙලට සහ උන රංගන ශිල්පී රන්දික ගුණතිලක මේ අවස්ථාව ගැන විස්තර කරලා තිබුණේ මේ විදිහටයි.

“Singapore International Film Festival එකේ අද ශ්‍රී ලංකාවේ නම "රිවර්ස්ටන්" වෙනුවෙන් හරි ලොකුවට බැබලුනා. "Best Director" සම්මානය ලලිත් රත්නායක ත් "Best Performance" සම්මානය මහේන්ද්‍ර පෙරේරා ත් ජයග්‍රහණය කලා. ඒ වගේ දැවැන්තයෝ දෙන්නෙක් එක්ක ජාත්‍යන්තර සිනමා උළෙලක නිර්දේශ වෙන්න ලැබීමම මට මගේ ජීවිතේ ලැබුන ලොකු ජයග්‍රහණයක්. ජාත්‍යන්තර සිනමා උළෙලක පළමු වරට මහේන්ද්‍ර පෙරේරා වැනි දැවැන්තයෙක් එක්ක එකම title එකක් වෙනුවෙන් නිර්දේශ වීමම මගේ ජීවිතේ මට හරිම විශේෂ මොහොතක්..
ඉතින් “රිවර්ස්ටන්“ වෙනුවෙන් හදවතින්ම මම සුබ පතනවා!” 

 

සම්මාන ලාභී ලලිත් රත්නායක, මහේන්ද්‍ර පෙරේරා, නිර්දේශ නාම ලැබූ රන්දික ගුණතිලක ඇතුළු චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom