lan englan tam

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැළපෙයි" - ඇල්බෙයා කැමූ (The Death in the Soul)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Rashmika Mandawala-

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු නැවතුණේ නොබෙල් සාහිත්‍යය තෑග්ග දිනාගෙන අදටත් ලෝකයම කතාකරන ලේඛකයෙක් විදියට.

ඇල්බෙයා කැමූ උපදින්නෙ 1913 ඇල්ජීරියාවේ. ඔහුගේ පියා පළවෙනි ලෝක යුද්ධයට ගිහින් 1914 දි මිය යනවා. ඔහු කවදාවත් තමන්ගෙ පියාව දැකලා නැහැ. ඔහුගේ මව ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඇය බාගෙට කන් ඇහෙන තැනැත්තියක්. ඇගේ රැකියාව වුණේ ගෙවල් වලට ගිහින් ගෙවල් පිරිසිදු කිරීම. ඇය තමන්ගෙ උපරිමය කළා.

කුඩා වියේදී කැමූ දුප්පත් කමින් දැඩි ලෙස පීඩා වින්දා. ඒත් වාසනාවට ඔහුට ගුරුවරුන්ගේ සෙවණ ලැබුණා. එයිනුත් ඔහුගේ ව්‍යාකරණ ගුරුවරයා වුණ ලුයිස් ජර්මයින් කැමූට ලොකු සහයෝගයක් දුන්නා.

1957 තමන්ව නොබෙල් සම්මානයට නම් කරලා තිබුණ බව දැනගත්තු වෙලේ ඔහු මේ ගුරුවරයාට ලිපියක් ලියනවා. ඒ ලිපියෙදි කැමු කියනවා මේ තරම් ගෞරවයකට තමන් සුදුසුද කියලා හිතාගන්න බැරි වුණත් ඒ නිසා ඔබට ස්තුති කරන්න අවස්ථාවක් ලබාදීම ගැන තමන් සතුටු වෙන බව.

“මේ විදියේ ගෞරවයක් ලැබීම මට එතරම් දෙයක් නෙමෙයි. ඒත් ඒක මට අවස්ථාව ලබා දෙනවා ඔබ මා වෙනුවෙන් හිටිය සහ තවමත් ඉන්න ආකාරයටම, ඔබ ඒ වෙනුවෙන් දැරූ උත්සාහය, ඔබ කළ දේවල් සහ ඒ වෙනුවෙන් ඔබ යෙදූ ඔබේ ත්‍යාගශීලී හදවත ඔබේ කුඩා පාසැල් සිසුවා තුළ තවමත් ජීවත්වන බව සහතික කිරීමට, වසර ගණනාවක් ගත වුණත් කිසිදාක ඔබේ කෘතඥ ශිෂ්‍යයා වීම නතර නොකර බව කියන්න.

මම ඔබව මගේ මුළු හදවතින්ම වැලඳ ගනිමි.”

කැමූට මුල අමතක වුණේ නැහැ.

කැමූට වයස අවුරුදු දහහතේදී ක්ෂය රෝගය හැදුණා. ඔහු එයින් දැඩි ලෙස පීඩාවට පත්වුණා. 1935දී කැමූ ඇල්ජීරියානු විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ උපාධියක් ලබාගත්තා. ඒත් ජීවත් වීම සඳහා ඔහුට අමුතු රැකියා ගණනාවක් කරන්න සිද්ධ වුණා.

ඔහු ඉන්පසුව ප්‍රංශය බලා යනවා. ඔහුට හැදුණු ක්ෂය රෝගය නිසා ඔහුට කවදාවත් ගුරු වෘත්තියට යන්න ලැබෙන්නෙ නැහැ. ඒ අතරෙදි දෙවෙනි ලෝක යුද්ධය ලෝකය පුරා හොල්මන් කරන්න ගන්නවා. ක්ෂ්‍ය රෝගයේ බලපෑම නිසා කැමූට හමුදාවට බැඳෙන්නත් බැරි වෙනවා. හැබැයි ඔහු විකල්ප පත්තරයක් මඟින් නාසි විරෝධී සටනට පණ දෙනවා.

හැබැයි ප්‍රංශය කවදාවත් ඔහුට තමන්ගේ තැනක් වගේ දැනුණෙ නැහැ. ඔහුට තමන්ගෙ අප්‍රිකානු සම්භවයෙන් මිදෙන්න හැකි වුණේ නැහැ. ඔහුගේ L'Étranger නවකතාවට ඔහුගේ මේ අත්දැකීම හේතු වුණා. අපි අදටත් කතාකරන මාර්සො බිහිවෙන්නෙ ඒ දරාගැනීමෙන්ද? පැවැත්ම පිළිබඳ ඔහුගේ අදහස් විචාරකයන්ගේ ඇගයීමට ලක් වුණා. ශන් පෝල් සාත්‍ර, රේමන්ඩ් ඒරොන් වැනි නම් සමඟ ඔහුගේ නමත් කියවෙන්න ගත්තා.

 

 826734 49331 tgqbaujtfs 1484401899 1

 

කොහොම වුණත් ඇල්ජීරියානු නිදහස් සටන සමඟ ඔහුගේ සබඳතාවය ඔහුට බලපෑම් ඇති කළා. ඒ නිසා ඒ ගැන ඔහුට කතා නොකර ඉන්න සිද්ධ වුණා.

ඔහු ලෝකයට The plague, Rebel, The myths of Sisyphus අගනා කෘති ගණනාවක් බිහි කළා. ලෝකයට නව දාර්ශනික අදහස් ලබාදුන්නා. ඒත් ඔහුට කවදාවත් ගුරුවරයෙක් විදියට සේවය කරන්න ඉඩ ලැබුණෙ නැහැ. බොහෝ තැන්වල ඔහුට කතා කරන්න ලැබුණෙ නැහැ.

 

camus

 

යකඩ මුවහත් වෙන්නෙ හොඳට තැලුණහම. කැමූගේ ජීවිතේ පුරා ඔහු ඒ මිටි පාරවල් වලට මුහුණ දුන්නා. ඔහුගේ සාහිත්‍යයත් ඒ නිසාම තියුණු වුණා. ඒවා මිනිස්සුන්ගේ අභ්‍යන්තරය දාර්ශනිකව කළඹන්න සමත් වුණා.

ඒත් 1960 දී සිද්ධ වුණ මෝටර් රථ අනතුරකින් ඔහුට සදහටම මෙලොවින් සමුගත්තා. කැමූ හිටියෙ ඔහුගේ උච්චතම කාලයෙ. ඒත් ජීවිතේ එහෙම තමයි.

The Death in the Soul වලදි කැමූ මෙහෙම දෙයක් ලියනවා. ඒ වචන ටික අපිට කැමූව පෙන්වනවා.

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි.”

 

ආශ්‍රිත ග්‍රන්ථ:

Albert Camus: A Concise Biography

The Death in the Soul

The myths of Sisyphus

 

540938006 4033596733572746 3351718559830084042 n

සටහන - රශ්මික මණ්ඩාවල (Rashmika Mandawala)

මෙම සටහන 'Rashmika Mandawala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom