-Malintha Vithanage-
මේ අවුරුද්දේ තියටර් එකකම අත් විඳපු හොඳම 3D තියටර් එක්ස්පීරියන්ස් එක කියලා කියන්න පුලුවන් වැඩක් තමයි...."ඇවටාර් : ෆයර් ඇන්ඩ් ඇෂ්" කියන්නේ.
![]()
ඇවටාර් තෙවැන්න බලන්න කලින් "ඇවටාර් : වේ ඔෆ් වෝටර්" බලල තිබුන නිසා එහිම දිගුවක් විදියට තමයි චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ. ගොඩක් අය කියලා තිබුණා චිත‍්‍රපටයේ කතාව එතරම්ම හොඳ නැහැ කියන එක. පරණ කතාවටම අලුත් හැඩයක් මිස අලුත් කතාවක් මෙවර දකින්න ලැබෙන්නේ නැහැ. කොහොමත් බිලොක්බස්ටර් වැඩවල කතන්දරය සරලයි. "ඇවටාර් : වේ ඔෆ් වෝටර්" චිත‍්‍රපටය ඉවර වෙන්නේ කර්නල් මයිල්ස් බෙිරෙන තැනින්. කර්නල් මයිල්ස්ගේ නොනවතින වෛරය පිරී පළිගැනීම තමා තුන්වැන්නෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න වෙන්නේ.
නමුත් ඇවටාර් දෙවැන්න ඉවර වෙන්නේ තෙවැනි චිත‍්‍රපටයට ලොකු අවසානයක් ඉතිරි කරලා බව වටහා ගන්න ඔින. විෂුවලි ගත්තොත් ඇවටාර් වයිබ් එක එහෙම්පිටින්ම වගේ තිබුණා පෙර චිත‍්‍රපට දෙකට වඩා ඉහළින්. ලොකු පළිගැනීමක නොනවතින අවසානයක් කරා චිත‍්‍රපට මාලාව ගමන් කරනවා. ක්ලයිමැක්ස් ෆයිට් එක තව ටිකක් තිබුනා නම් හොඳයි කියලා හිතුණා. Cinematography, Visual Effect, Editing, sound editing, Background music well balanced and Next Level...ඇඩ්‍රිනලින් නැහැවෙන Action Scenes ටික මදි නොකියන්න නියමෙට තිබුණා.
චරිතවලින් මාව වඩාත් අවධානය නතු කරගත්තේ ගිනිකඳු කලාපයක වාසය කරන මැන්ග්ක්වාන් වංශයේ නා'වි නායිකාව වන "වරන්ග්" නමැති මායාකාරී චරිතය. ඇය ආකර්ෂණිය චරිතයක් විදියට ප්‍රේක්ෂකාගාරයේ අවධානය නතු කරගන්නවා.
![]()
VFX තාක්ෂණික ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වයට එන වසරේ ඔස්කාර් සම්මාන උලෙළහි හොඳම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා හිමි සම්මානය දිනා ගනිවී. සැබෑ ලෝකය අත් ඇරලා කැමරන් මවාපාන පැන්ඩෝරා කියන මායා ලෝකයෙහි අලුතින් පදිංචි වීමක් වගේ පැය තුනකට වැඩි ධාවන කාලයක් ඇතුළේ ඇස් ඉවතට ගන්න බැරිවෙන්නම කැමරන් වැඩෙි කරලා තියෙනවා කියන්නේ චිත්‍රපටය අති සාර්ථකයි කියන්න තවත් වචන නාස්ති කරන්න ඔින නැහැ.
"Avatar: Fire and Ash" පූර්ව ප්‍රචාරක පටය පහළින්>>
"Avatar: Fire and Ash'' නරඹලා ලැබුණු අසීමිත වින්දනයත් සමඟ දෙවැන්න අභිබවා ගිය චිත‍්‍රපටයක් විදියටත් නම් කරන්න පුලුවන්. අනිවාර්යයෙන්ම 3D තියටර් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔින චිත‍්‍රපටයක් විදියට ඉහළින්ම නිර්දේශ කරනවා.
සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)












